වෛද්‍ය අධිකාරිවරියට මරණ තර්ජන කළ කොන්ත්‍රාත්කරුට වැඩ වරදි

0
69

මීගමුව රෝහලේ වෛද්‍ය අධිකාරි චම්පා අළුත්විර මහත්මියව කපා කොටා මරා දමන බවට තර්ජනය කරමින් අසික්තික ලෙසින් නොහොබිනා දැ දැ දුරකථනයෙන් කියු කටුවාපිටියේ පදිංචිකරුවෙකු වු රුවන් නැමැති කොන්ත්‍රාත්කරුට රෝහල් කාර්ය මණ්ඩලය පමණක් මේ සිදුවිම ගැන දත් සියළු දෙනාවම විමතියට පත්කරවමින් පොලිසිය විසින් ඇප ලබා දි තිබුණි.
කෙසේ වෙතත් මේ පුවත මාධ්‍ය මගින් හෙළිදරව් විම නිසාදෝ යළිත් වරක් ඔහුව අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්ථා වේ.
රුවන් නැමති මේ කොන්ත්‍රාත්කරුවා මීගමුවේ ප්‍රබල දේශාපාලන පවුලක් හා සමිප සබඳතා පවත්වන අයෙකු ලෙසින් ප්‍රකට අතර කලින් වතාවේ පහසුවෙන් ඇප ලබා ගෙන නික්ම යාමට මේ හේතුව බලපාන්නට ඇතැයි තතු දන්නා බහුතරයකගේ අදහසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here