වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්න සුදර්ශන බාලගේව රකින්නේ ඇයි??

2
142

බෝගහවත්ත කිරිදිවැල පදිංචි සමන්ත ඉන්ද්‍රජිත් පනාවැන්න මහතා ශ්‍රි ලංකා  වෛද්‍ය කවුන්සිලයේ ලියාපදිංචි වි ඇත්තේ 1999.11.11 වනදාය.මේ වන විට ඔහුගේ වෛද්‍ය වෘත්තික ජිවිතයට වසර 11 කි.

එමෙන්ම ඔහු රජයේ  ලියාපදිංචි  වෛද්‍යවරුන් වෙනුවෙන් වන එකම සංගමය වු රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ  තනතුරු දැරැවෙක්ද වෙයි.එපමණක් නොව මේ කලාපයේ පුද්ගලික බෙහෙත් ශාලා පවත්වාගෙන යන වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම්වරයාද වෙයි.

ඒ අනුව වෘත්තිය නිතිමය තත්වයන් සහ වෘත්තිය සදාචාරය පිළිබදව හොද අවබෝධයක් ඇත්තෙක් විය යුතුය.

තතු එසේ තිබියදි තමන්ගේ පුද්ගලික බෙහෙත් ශාලාව ශ්‍රි ලංකා වෛද්‍ය කවුන්සිලියේ ලියාපදිංචි නැති එපමණක් නොව වෛද්‍ය කවුන්සිලයද නොමග යැවු පුද්ගලයෙක් වෙත භාර දි තිබිම ගැන දැනට සතියකට පමණ ඉහතදි මීගමුව රෝහලේදි පැවති වෛද්‍යවරුන්ගේ හමුවකදි රෝහලේ වෛද්‍යවරුන් විසින් මේ ක්‍රියාව වෘත්තිය විරෝධි බව පැහැදිලිව ප්‍රකාශ කර ඇත. එහෙත් වෛද්‍ය පනාවැන්න එහිදි ඔහු කරන කටයුත්ත නිවරදි යැයි කිසිවිටකත් තර්ක කර තිබුනේ නැත.

එසේ නිහඩව සිටි පානාවැන්න පසුව අඩියක් පස්සට තබා ඔහුගේ බේත් ශාලාවෙන් සුදර්ශන බාලගේ දින කිපයකට ඉවත් කර තැබුවේය.

දැන් යළිත් සවස වරුවේ බේත් දෙන්නට ඔහුව යොදවා ගෙන ඇත.

මෙය එක්තරා අන්දමකට ගත් කළ  පානැවැන්නගේ වෘත්තිය ජිවිතය තුල මරාගෙන මැරෙන  මෙහෙයුමකි.තමන්ගේ වෘත්තිය ජිවිතයත් කිර්තිනාමයත් පරදුවට තබා කිසිවෙක් මෙවන් ප්‍රවේශයකට යනු ඇතැයි සිතන්නටවත් නොහැකිය.අඩුම තරමින් මේසන් බාස් කෙනෙක්වත් එසේ නොකරනු ුඇත.

බාලගේ ට නඩු ගාස්තු  ගෙවාගන්නට හෝ කන්න අදින්න මුදල් නැති නම් එයට ආධාර  කරනවා විනා නිතිය ඉදිරියේදි මෙන්ම සිය වෘත්තිය ජිවිතය තුලදිද ඔහු බරපතල ලෙස පචවෙමින් මෙසේ කරන්නේ ඇයි?

එහෙත් මේ කිසිත් ගැන වගක් නැති පානාවැන්න වෛද්‍ය වරයා බාලගේව  මෙතරම් ආරක්ෂා කරන්නේ ඇයිද යන්න මේ වන විට වෛද්‍යවරුන් අතරේ කිසියම් කසුකුසුවක් ඇතිව තිබෙන බව වාර්ථා වේ.මේ ඇතමෙක් පවසන්නේ කුරණ බේත් ශාලාවෙන් මසකට රුපියල් ලක්ෂයක් පමණ ලැබෙන නිසා මුදලට ගිජු පානාවැන්න මහතා වෘත්තිය ගරුත්වය බල්ලාට දමා සල්ලි ඉස්සර කරගෙන ඇති බවය.

ඔහු දැනට සේවය කරන බන්ධනගාරය තුල ද විවිධ කාරණා සම්බන්ධයෙන් ඔහුගේ නම කියැවෙන්නට පටන් ගෙන ඇති බවද වාර්ථා වේ.

මෙහිදි බොහොමයක් දෙනාගේ අවධානයට යොමුව ඇති තවත් කරුණක්  ඇත.එනම් 2007 නොවැ 12 වනදා මීගමුව රෝහලේ 6 වන මහලේ සිදුව තිබුන ක්‍රියාදමය පිළිබදව සුදර්ශන බාලගේ විසින් මෙතෙක් හෙළි කර නැතැයි පැවසෙන දේවල් පිළිබදවය. මේවා පහුගිය කාලය තුල වෛද්‍ය වරුන්ගේ විවේකාගාරයේ බිත්තියට ඇති කන්වල සටහන්ව ඇත.

බාලගේ ජිවත්වන්නේ අමාරුවෙන් බව වෛද්‍යවරුන් පවසති.ඔහුගේ නඩු ගාස්තු සදහා ලක්ෂ 8 පමණ වියදම්ව ඇති බවද ඒ සියල්ල පසුගිය කාලය තුල හොයාගෙන ඇත්තේ මේ කුරණ බේත් ශාලවෙන් දිවා රෑ නොබලා ප්‍රතිකාර කරමින් උපයාගත් මුදල්වලින් බවද පැවසේ.

මරදන්ඩකඩවල සිට වෛද්‍ය විද්‍යාලයට ගොස්  අමාරුකම් මැද උගත් බාල පිළිබදව අනුකම්පා උපදවාගෙන සිටින මීගමුවේ ඇතැම් වෛද්‍යවරුන් තවමත් උත්සාහ ගන්නේ බාලගේ ගේ ලියාපදිංචිය සදහා අදාල ශළ්‍ය වෛද්‍ය විශේෂඥ ධම්මික වික්‍රමසිංහ  මහතාගෙන් අත්සන ලබාගැනිමටය.

ඒ උත්සාහයේ නිරත එම වෛද්‍යවරුන්ට මොනරාගල සිට පැමිණි චමිලා මීගමුවේ රෝහලේ 6 මහලේදි දූෂණයට ලක්ව ඉන් බිමට ඇද දමා ඝාතනය විම ගැන කම්පාවක් ඇතිව තිබෙන බැව් වාර්තා වන්නේ නැත.

අපට බාලගේ හා  ඇත්තේ පුද්ගලික ප්‍රශ්ණයකට එහා ගිය වෘත්තිය සහ සදාචාරය හා බැදුන ප්‍රශ්ණයකි.මේ සියළු යථාර්ථයන් තුල  වෛද්‍ය පනාවැන්න බාලගේ ව ඇත්තටම රකින්නේ ඇයි ???

මෙයට හේතුව ලගදිම හෙළිවනු ඇත.

මාධ්‍යයක් විසින් කළ යුතු කොටස මේ සමාජය තුල අප ලකුණු කොට හමාරය.එහිදි වෛද්‍ය පනාවැන්න මහතා මීගමුවේ ජනප්‍රිය පුද්ගලික අමතා පවසා තිබුනේ ඔහුගේ සියළු අනිතික ක්‍රියා හෙළි කරමින් මීපුර  වෙබ් අඩවිය විසින් ගෙන යන මාධ්‍ය මෙහෙයුම නවතා දමන්නට උදව්වක් කළ හැකිද කියාය.

අපට ප්‍රසිද්ධියේ පවසන්නට ඇත්තේ පානාවැන්නගේ  නිති විරෝධි වැඩ නවත්වන්නේ කවදාද එතෙක් මේ සියළු හෙළි කිරිම් එලෙසින්ම  සිදුවන බවය.

වෛද්‍ය ක්ෂේත්‍රයට ආදලව  මීගමුවේ සිදුවන අනිතික ක්‍රියා විමසා බැලිමේ වෘත්තිමය වගකිම පැවරි ඇති සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි  වෛද්‍ය විජයලත් මහතා වෙත දැනට මත් ලැබි ඇති පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියා කරන අන්දම අප විමසිල්ෙලන් බලා සිටින්නෙමු.

 

 

 

2 COMMENTS

  1. I don’t have intention to stop these meepura activities & its well known how to handle them to make no noise against them…its the way other medical quacks & abortion centers handle them….easily i would have bribe these fellows when they came after me…if some one interest can read about legal action against gov. officer in e-code…And I haven’t contest for any post & always willing to hand over those…I’m not interfere with any legal action & always be with the colleague when necessary IF the allegations against him can can be nullified….Its worth to mention no one helped him directly or indirectly till the reports come….the persons who tried to manipulate hospital activities for personal agendas & got affected by our interference are behind this meepura & thats why they could find only one HORA place in this region….I challenge to reveal those places if you are not taking Bribes from them….Finally I thank you for giving me a free publicity….thanks

  2. වෛද්‍ය පානාවැන්න මහත්තයට දැන් නම් හොදටම රිදිලා කියල මේක කියවපුහම තේරෙනවා.ඒ කියන්නේ මොකක් හරි රිදෙනම තැනකට දැන් වැදිල.

    අනික පනාවැන්න මහත්තයා මේක ඉංග්‍රිසි භාෂාවෙන් ලියල තියෙන්නෙ ම්‍ුලික වශයෙන්ම එයාගේ දොස්තර ප්‍රජාව සහ අනෙක් අය අපේ වෙබ් අඩවිය ගොඩක් බලනව. ඒ හින්දම අපි දැන් ගොඩක් ජනප්‍රිය වෙලා.ඉතින් එයාට ඕනේ එයා වැරදි නෑ කියල යාළුවන්ට කියන්න.කමක් නෑ අපි ඒකට අවස්ථාව දෙනව මේක පළ කරල.

    අනික අපි මතුකරල තියෙන්නේ පනාවැන්න මහත්තායගේ යාළුවෝ මතු කරන්න ඕන ප්‍රශ්ණ.

    කමක් නෑ මහජනතාව වෙනුවෙන් අපි ඒ ටික කළා.

    ඉතින් අපට කියන්න තියෙන්නේ

    1.අපි නම් පනාවැන්න මහත්තයා කරල තියෙන වැරැද්ද තොරතුරු සහිතවම පෙන්නල දිල තියෙනවා.ඉතින් අපි කියන්නේ අපට විරැද්ධව චෝදනා තියෙනවා නම් අපි වගේ තොරතුරු සහිතවම පෙන්වන්න.

    2.පනාවැන්න මහත්තයාට දොස්තර වෘත්තියේ ගරුත්වය ආරක්ෂා කරගන්න ඕනේ නැති වුණාට අපි නියැලෙන වෘත්තියේ සියළු සදාචාරයන් රැකගෙන තමයි අපි මේ වෘත්තියේ යෙදෙන්නේ.ඒක මුළු මීගමුවත් ලංකාවත් දන්නවා.

    ගල උඩ බළල්ලු කැත කරපුවම මොකද වෙන්නේ කියල දන්නවද???

    3.මේ පැත්තේ තියෙන හොර වෙද්දු අල්ලන එක හරි ගබ්සා මධ්‍යස්ථාන වටලන එක නෙමෙයි අපේ වගකිම. .ඒ කටයුත්ත කරන්න තමයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා ඉන්නේ .ඒක පනාවැන්න මහත්තයාට මතක් කරල දෙන්නත් උනානේ. කමක් නෑ.

    4.පනාවැන්න මහත්තයා අපට ස්තුති කරල තියෙනවා අපි එයාට නොමිලේ ප්‍රචාරයක් දෙනව කියල.දැන් නම් අපට සැකයක් එනව වෛද්‍ය සංගම් වල ඉදල ඇතිවෙලා වගේ ,
    දේශපාලනේට එන්න ඉන්න අය තමයි තමන් කරන වැරදි වලට ප්‍රසිද්ධියක් ලැබෙනවට කැමති.

Comments are closed.