වෛද්‍ය පානාවැන්න ඝාතන සැකකරුවෙක් රකින්නේ ඇයි?

0
50

chami 3චමිලා ඝාතන නඩුවේ සාක්ෂි විමසිම ආරම්භ වුන 2013 මාර්තු 05 වනදා සැකකාර වෛද්‍යවරයාව බන්ධනාගාර ගත කිරිමට නියම වු අතර ඔහු කිසිදු රෝගි තත්වයකින් පෙළුන බවක්ද අධිකරණයට වාර්තා වි නොතිබුණි.
එසේ වුවද සුදර්ශන බලාගේව බන්ධනාගාරගත කෙරුණ මුල් දිනයේ සිට දින 4 ක් පමණ බන්ධනාගාර රෝහලේ තබාගැනිමට එම රෝහලේ වෛද්‍යවරයා වු වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්න කටයුතු කර තිබුනේය.
එහෙත් මේ නිතිවිරෝධි ක්‍රියාව පිළිබදව පසුව පැන නැගුණු විරෝධයන් මත  සුදර්ශන බාලගේව ඉන් ඉවත් කිරිමට බන්ධනාගාර බලධාරින් කටයුතු කර තිබුණි.
මේ අනුව පෙනි යන්නේ චමිලා ඝාතන්යේ සැකකාර  සිමාවාසික වෛද්‍යවරයා සහ වෛද්‍ය ඉන්ද්‍රජිත් අතර පවතින සමිප සම්බන්ධතාවයයි.
වෘත්තිය ආචාර ධර්ම පමණක් නොව බන්ධනාගාර රෙගුලාසින් පවා උල්ලංඝනය කරමින් වෛද්‍ය පනාවැන්න මේ සියල්ල කරනු ලබන්නේ ඇයිද යන බරපතල සැකයක් අද මීගමුවේ වෛද්‍ය ප්‍රජාව අතරේ පුළුල් සංවාදයකට ලක් වෙමින් තිබේ.