“වොයිස් කට් ඇමති”නිමල් ලංසා දේවානිගේ අභියෝගය ගැන නිහඬ ඇයි ?

0
257

සනත් නිමල්රාජ්‍ය ඇමති නිමල් ලංසාත් දැන් වොයිස් කට් ඇමතිවරයෙක් ලෙසින් ප්‍රකට අයෙකි.හිරු මෙන්ම දෙරණද ඔහුගේ නිළ මාධ්‍ය ආයතනයන් වැනිය.එහෙත් පසුගියදා වනජිවි නිළධාරිණි දේවානි විසින් මීගමුවේ දේශපාලන අධිකාරිය හමුවේ ඉදිරිපත් කරන්නට යෙදුන අභියෝගයට එතන හිටි රාජ්‍ය ඇමති නිමල් ලංසා නිහඬව සිටියා පමණක් නොව අදටත් නිහඬය.ඒ ඇයිද යන්න දේශපාලන සමාජය තුල දැනටමත් කතා බහක් මතුව ඇත.තමන්ටම වරදකාරි හැඟීමක් ඇති විටදිද බොහෝ අය නිහඬ වෙති.මීගමුවේ කඩොල් කැපිම ගැන කප් ගසා ඇති නිසා ඇමතිවරයාට නිහඬ වනවා හැරෙන්නට වෙන මොනවා කරන්නද යැයි නම සදහන් කිරිමට අකමැති වු පොහොට්ටුවේ ප්‍රබල දේශපාලන ක්‍රියාධරයෙකු මිපුරට පැවසීය.ඇමති නිමල් ලංසා සිටින්නේ දේවානිගේ පැත්තේද? නැතිනම් තමන් විසන්ම මීගමුවට කැදවු ධිවර රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ පැත්තේ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here