ශලනිට මඩගැසු බණ්ඩාරවෙල වාර්තාකරුවාට එරෙහිව බරපතල චෝදනාවක් .????

0
118

sunila C

 

 

මෙවර ජනප්‍රියම සහ දක්ෂතම නිළියට හිමි සම්මාන දෙකම එකවර ලබාගත් ශලිනි තාරකාට එරෙහිව දැවැන්ත මඩ ව්‍යාපාරයක් දියත් කරන්නට පිරිසක් කටයුුතු කර තිබුණි.,මේ අතර අවම මාධ්‍ය සදාචාරයකවත් නැති කර්තෘලා යැයි කියාගන්නා අය සිටින ගොසිප් අඩවිද විය.

කෙසේ වෙතත් සකලාකාර මාධ්‍ය ආචාර ධර්ම කඩකමින් මේ මඩතලි අතින් අනා වටේට විසි කිරිමට මුල් වු එක් අයෙක් වෙයි.

ඔහු බණ්ඩාරවෙල සිටින ප්‍රාදේශිය වාර්තාකරුවෙකි.

ලංකාවේ ඉතා දක්ෂ , සම්මාන ලාභි අධ්‍යක්ෂකවරයෙකු වන සුනිල් කොස්තා මේ වාර්තාකරුවා ගැන සරසවිය පුවත් පතට කියා ඇත්තේ මෙවැන්නකි.

….ඔය අතර හිටියා ප්‍රාදේශිය මාධ්‍යවේදියෙකු කියා ගත්තු කෙනෙක් .
ඒ කෙනා ලඟ හැඳුනුම්පතක්වත් තිබුනේ නැහැ.ඔහු බලෙන්ම වගේ ඇවිල්ල ශලනි තාරකා කියන දේවල් ෆෝන් එකෙන් ෂුට් කළා.
මොකක්ද ඔහුට එහෙම කරන්න තියෙන අයිතිය.
මම හිතන්නේ ශලිනි මේ ගැන කිසිදෙයක් දන්නේ නැ.
මේ විඩියෝ එක හරහා අති දැවැන්ත මඩ ව්‍යාපාරයක් ගෙනිච්ච කියලයි මට හිතෙන්නේ.
කෙටියෙන් කිව්වොත් ශලනිව නොමරා මැරුවා …

සුනිල් කොස්තා ගේ මේ පැහැදිලි කිරිම තුල මේ වාර්තාකරුවාගේ මාධ්‍ය සදාචාරයේ තරම ඉතා මැනවින් වැටහේ.
මේ වාර්ථාකරුවා විසින් කඩකර ඇත්තේ ජනමාධ්‍ය අමාත්‍යංශය , සෞඛ්‍ය අමාත්‍යංශය සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් කොවිඩ් 19 ට ආදාල ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබදව වු සියළුම නිර්දේශයන්ය.
මේ වන විට රටේ බහුතරයක් ප්‍රාදේශිය මාධ්‍යවේදින් කිසියම් ආකාරයකට මේ වසංගත තත්වය තුල විනයගත වාර්තාකරණයකට ප්‍රවේශ වෙමින් සිටියදි බණ්ඩාරවෙල වාර්තාකරුවා විසින් කර ඇත්තේ ඒ  සියලු දෙනාගේම මුණේ දැලි ගෑමකි.

ලංකාව තුල අචාරධාර්මික මාධ්‍ය භාවිතයක් ගොඩනැගිමට ගන්නා මහන්සිය තුල ඇතැම් පළාත්වල සිටින මෙවැනි චරිත සැබැවින්ම සමස්ත මාධ්‍ය ක්ෂේත්‍රයම පිළිකුලකට ඇද දමා තිබේ.

ඒ වැනි විනය විරෝධිව හැසිරෙන ,වාර්තාකරණ නිර්දේශ කඩන වාර්තාකරුවන් සම්බන්ධයෙන් ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජෙනරාල්වරයා නිසි පියවරයන් ගත යුතුව තිබේ.
ඒ සමස්ත මාධ්‍ය ක්ෂේත්‍රයේම ප්‍රගමණය සඳහාය .

විනයක් රකින්නට බැරි අයෙකුට මාධ්‍ය වැනි වැදගත් ක්ෂේත්‍රයක් නියෝජනය කිරිමට අයිතියක් නැත.