ශලනි තාරකා ඇතුළු 25 දෙනාගේ PCR නෙගටිව් !

0
65

ශලනිබස්නාහිර පළාතට ඇඳිරි නීතිය ප්‍රකාශ කිරීමෙන් පසුව බණ්ඩාරවෙල ප්‍රදේශයේ රූපගත කිරීකට ගොස් සිටියදී නිරෝධායනයට යොමු කළ ජනප්‍රිය නිළි ශලනි තාරකා ඇතුළු 25 දෙනෙකු සම්බන්ධයෙන් සිදු කළ PCR පරීක්ෂණ වලින් ඔවුන් කොරෝනා ආසාදිතයන් නොවන බව තහවුරුව ඇතැයි ඔවුන්ව නිරෝධායනයට යොමු කළ මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී.එම්. රංජිත් දිසානායක මහතා ශ්‍රී ලංකා මිරර් සමඟ කීය.

තමා ඉහලින් ලැබුණු උපදෙස් මත ඔවුන්ව දින 14 ක කාලයකට නිරෝධායනයට ලක් කළ ද දැන් එහි තත්ත්වය වෙනස් වී ඇති බැවින් අවසන් තීන්දුවක් ගත යුත්තේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් බව ද ඔහු කියා සිටියේය.

ඒ අනුව අප බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්. කේ. ලක්නාත් එම්. වීරසේකර මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඉදිරියට අදාළ “කැන් යූ හියර් මී” ටෙලියේ රූගත කිරීමේ කටයුතු කරගෙන යා හැකි ආකාර කිහිපයක් සම්බන්ධයෙන් පිළිපැදිය යුතු උපදෙස් ආකාර කිහිපයක් ලබාදී ඇති බවයි.

ඔවුන්ට ඒ අනුව සාකච්ඡා කර තීන්දුවක් තමාට දැනුම් දෙන ලෙස දන්වූ බවද ඔහු ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් අප එම ටෙලියේ අධ්‍යක්ෂ සුනිල් කොස්තා මහතාගෙන්ද විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ ඇති වූ තත්ත්වයත් සමඟ මේ වන විට සිය කණ්ඩායම තුළ නිර්මාණයක් කිරීමට තරම් හොඳ මානසිකත්වයක් නැති බවත්, ඒ අනුවනැවත කොළඹ යාමට තීරණය කර ඇති බවයි.

කොළඹට ගොස් මේ සම්බන්ධයෙන් නැවත සිතා බලා තීන්දුවක් ගන්නා බවද ඔහු කියා සිටියේය.

එම ටෙලියේ දෙවැනි වටයේ රූගත කිරීම් අතර තුරදී ඔවුන්ට අදාළ තත්ත්වයට මුහුණදීමට සිදු විය.

මේ අතර, අදාළ ටෙලියට සම්බන්ධ පිරිස මෙලෙස නිරෝධායනයට ලක් කරනු ලැබුවේ එම ටෙලිය දිනෙන් දිනම ජනප්‍රියවීම හේතුවෙන් එය පසු බැස්සවීමට යම් පිරිසක් සිදු කළ සංවිධානාත්මක ක්‍රියාවක් බවට ද මේ වන විට චෝදනා එල්ලවී තිබේ.

වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු ෆ්‍රෙඩී ගමගේ මහතා පවසන්නේ මෙය වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ට පහර ගැසීමට සිදු කළ කුමන්ත්‍රණයක් බවයි.

කැන් යූ හියර් මී ටෙලියට සංගීතය සපයා ඇත්තේ නව පරපුරේ දක්ෂ සංගීතඥයකු වන දිනේෂ් සුභසිංහ මහතා විසිනි.

ඔහු මේ ටෙලියට නිර්මාණය කරන ලද ගීතයට ඉන්දුනීසියානු දරුවන් පිරිසක් සිදු කළ නර්තනයක්ද මේ දිනවල ජනප්‍රිය වී තිබේ. එසේම එයට කැනේඩියානු හා ජපන් වැනි පිරිස් නර්තනයන් ඉදිරිපත් කරමින් ද ඒවා මේ වන විට අන්තර් ජාලයට යොමුකර තිබේ.

විඩියෝව

srilankamirror.com