2025 එනම් මේ වසරේ පැවැත්වෙන 07 වන ජාත්‍යන්තර තායි සටන් කළා ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් නිල වශයෙන් හඳුන්වාදීම සහ ඔවුන් වෙත එම ලිපි ප්‍රදානය කිරීමේ විශේෂිත නිල උත්සවය ඊයේ සවස (06/04/2025) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි වී.එම්.ඩී. කන්සල්ටන්ස් (V.M.D. Consultants) ආයතනයේදී පැවැත්විණි.
ඒ අනුව ” ජාත්‍යන්තර මුයිතායි බොරාන් සම්මේලනය (WMBF) , ජාත්‍යන්තර මුයිතායි සංවිධානය (WMO) සහ යුනියන් බොක්සින් සම්මේලනය (UBF) යන ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලනයන් නියෝජනය කරන මෙරට පිහිටුවා ඇති තායි සටන් කලා හා බොක්සින් ක්‍රීඩා සම්මේලනය මගින් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් අති දක්ෂතා ප්‍රදර්ශනය කළ තායි සටන් කලා ක්‍රීඩාව තුල සහ සහ බොක්සින් ක්‍රීඩාව තුළ නිරතවන ක්‍රීඩකයන් 13 දෙනෙකු මෙවර ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම ජාත්‍යන්තර ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමට අවස්ථාව උදාකරගෙන තිබේ. එලෙසම මෙම සම්මේලනය තායිලන්ත ක්‍රීඩා, සංචාරක සහ සංස්කෘතික අමාත්‍යාංශයන්ගේ නිල අනුමැතිය හා සහයෝගය ඇතිව ක්‍රියාත්මක වන අතර මෙම ගෞරවනීය උත්සවය සඳහාද ඔවුන්ගේ අනුමැතිය සහ සහයෝගය ද හිමිව තිබේ.
එළඹෙන මැයි මස 18 දා සිට 22 දා
දක්වා තායිලන්තයේ, බැංකොක් හී
” නිමිබුටර් ” ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලේදී තායි සටන් කලා ක්‍රීඩා සහ බොක්සින් ක්‍රීඩා ඉසව් කිහිපයක්ම බර පන්ති කීහිපයක් යටතේ සහ කනිෂ්ඨ මෙන්ම ජ්‍යෙෂ්ඨ වයස් කාන්ඩ කිහිපයක් යටතේ ද මෙම තරග පැවැත්වේ. එලෙසම මෙම ජාත්‍යන්තර ක්‍රීඩා උළෙල සඳහා රටවල් 65 ක පමණ තායි සටන් කලා ක්‍රීඩාව සහ බොක්සින් ක්‍රීඩාව තුල අති දක්ෂතා පෙන්වන ක්‍රීඩකයන් රැසක්ම සහභාගි වීමට නියමිත ව ඇත.
ඊයේ සවස ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පැවැති මෙම නිල උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් WMBF, WMO සහ UBF යන ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලනවල මෙරට ප්‍රධාන ලේකම් නාරායන් නුවන් ධනංජය මහතා උත්සව සභාව ආමන්ත්‍රණය කළේය. එහිදී ඔහු WMBF, WMO සහ UBF යන ක්‍රීඩා සම්මේලන, මෙරට ස්ථාපිත කිරීමට මුල් වූ සහ ඒ සඳහා කැප වූ එලෙසම WMBF, WMO සහ UBF ක්‍රීඩා සම්මේලනවල මෙන්ම තායිලන්තයේ පිහිටි මුයිතායි ගුරු සංගමයේ ද (KMA) ජාතික නියෝජිතයා ද වන සහ මේ වන විට විදේශගත ව සිටින අජාන් දුෂාන්ත පෙරේරා මහතාට සිය කෘතඥතාවය පල කළේය. මෙරට තායි සටන් කලාව සහ බොක්සින් ක්‍රීඩාව ජාත්‍යන්තරය තුළ නියෝජනය කිරීමට ත් මෙරට ක්‍රීඩකයන්ගේ එම සුවිශේෂී දක්ෂතාවන් ජාත්‍යන්තරය තුළ විදහා දැක්වීමටත් සහ එම ක්‍රීඩාවන් තුළින් මෙරටට කීර්තියක් අත්කර දීමටත් අජාන් දුෂාන්ත පෙරේරා මහතාගේ කැපවීම, මඟ පෙන්වීම සහ නොපසුබට උත්සාහය මෙහිදී විශේෂ ගෞරවයට පාත්‍ර විය. එමෙන්ම WMBF, WMO සහ UBF ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලනවල මෙරට අධ්‍යක්ෂවරයෙකු වන සහ වී.එමි.ඩී. කන්සල්ටන්ස් ආයතනයේ වජිර ධනපාල මහතාට ද මෙහිදී විශේෂිත
1) මොහොමඩ් ශහල්
Slave Island බොක්සිං ක්‍රීඩා සමාජය
UBF බොක්සිං කාණ්ඩය
2) මොහොමඩ් ඉමාන්
හමීඩ් අල් හුසේනී පාසල
UBF බොක්සිං කාණ්ඩය
3) සහ්ලාන් අලී
Slave Island බොක්සිං ක්‍රීඩා සමාජය
UBF බොක්සිං කාණ්ඩය
4) තිසර අංජන
ලයන් පවර් ටොප් ටීම් ක්‍රීඩා සමාජය
WMO ආධුනික කාණ්ඩය
5) සංජය බණ්ඩාර
ලයිසියම් බොක්සිං ක්‍රීඩා සමාජය
UBF බොක්සිං කාණ්ඩය
6) ඉමේශ් අබේවික්‍රම
අගෝගේ බොක්සිං ක්‍රීඩා සමාජය
UBF බොක්සිං කාණ්ඩය
7) දමිත් කොළඹගේ
එක්ස්ට්‍රීම් ෆිට්නස් ක්‍රීඩා සමාජය
ආධුනික මුයි බෝරාන් කාණ්ඩය
8) කුමුදු ප්‍රසන්න
එක්ස්ට්‍රීම් ෆිට්නස් ක්‍රීඩා සමාජය
WMO වෘත්තිය මුයිතායි කාණ්ඩය
9) යන්සිළු දිනංජය
කින් ඔෆ් මුයිතායි ක්‍රීඩා සමාජය
WMO වෘත්තීය මුයිතායි කාණ්ඩය
10) මොහොමඩ් ඩිල්ශාඩ්
Slave Island බොක්සිං ක්‍රීඩා සමාජය
UBF බොක්සිං කාණ්ඩය
11) රුසිරු තේනුවර
එක්ස්ට්‍රීම් ෆිට්නස් ක්‍රීඩා සමාජය
WMO ආධුනික කාණ්ඩය
12) චමත් රාජපක්ෂ
එක්ස්ට්‍රීම් ෆිට්නස් ක්‍රීඩා සමාජය
WMO ආධුනික කාණ්ඩය
13) සංදේශ් තීක්ශණ
අගෝගේ බොක්සිං ක්‍රීඩා සමාජය
UBF බොක්සිං කාණ්ඩය