ශ්‍රී ලංකා බයිබල් සංගමයේ ,මීගමු මධ්‍යස්ථානය ඉදිකිරීම උත්සවශ්‍රීයෙන් ඇරඹේ.

0
223

මීගමුවේ  ස්ථාපිත කිරීමට යෝජිතව ඇති ශ්‍රී ලංකා බයිබල් සංගමයේ නව මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා ප්‍රථම පස් පිඩලි කැපීමේ උත්සවය අද (19/03/2025) පෙරවරුවේදී පැවැත්වණි. අගරදගුරු නික්ලස් මාකස් මාවතේ අංක111 දරන ස්ථානයේ දී මෙම උත්සවය පැවැත්වුණු අතර ඒ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ආචාර්ය ගරු මැක්ස්වෙල් ජී. සිල්වා කොළඹ රදගුරුතුමන් , ඇන්ග්ලිකානු සභාවේ ගරු දුෂ්‍යන්ත රුද්‍රිගු කොළඹ රදගුරුතුමන්, ගරු ඩිලිණ ප්‍රනාන්දු හිටපු රත්නපුර අගරදගුරුතුමන් සහ කොළඹ බැප්ටිස් දේවස්ථානයේ සභාපති ගරු විලී රණසිංහ පියතුමන් ඇතුළු මෙරට සියලුම කිතුණු සභාවන් සහ කතෝලික සභාවන් නියෝජනය කරමින් ගරු පියතුමන්ලා සහ දේවගැතිවරුන් පිරිසක් සහභාගි වූහ.IMG 20250319 WA0086IMG 20250319 WA0081

එලෙසම මෙම උත්සවය සඳහා, මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ නිලධාරිනියන් පිරිසක්ද ආරාධිත අමුත්තන් ලෙස සහභාගි වූහ..

ශ්‍රී ලංකා බයිබල් සංගමයේ සභාපති එන්.වයි. කාසි චෙට්ටි මහතා විසින් මෙම උත්සවයේ පිළිගැනීමේ කතාව සිදු කළේය.

මීට වසර 230 කට පමණ පෙර කොළඹ, කොල්ලූපිටිය ප්‍රදේශයේදී ආරම්භ වූ
ශ්‍රී ලංකා බයිබල් සංගමයේ පළමු මධ්‍යස්ථානයට පසු මෙරට ඉදිවන දෙවන මධ්‍යස්ථානය මෙය වන අතර මෙය මහල් තුනකින් සමන්විත ගොඩනැගිල්ලකි. මෙලෙස  අද දිනයේ අභිනවයෙන් ඉදිකිරීම සනිටුහන් කළ මෙම ගොඩනැගිල්ල තුළ බයිබල් අලෙවි සැලක්, බයිබල් ඉතිහාසය දැක්වෙන ප්‍රදර්ශනාත්මක අංශයක්, ශ්‍රව්‍ය දුෂ්‍ය පටිගත කිරීමේ පහසුකම් ඇති නවීන ශබ්දාගාරයක් සහ සියලුම නවීන තාක්ෂණික අංග උපාංග වලින් සමන්විත රැස්වීම් ශාලාවක්ද ඇතුළු තවත් අංශ ගණනාවක් මෙම නව මධ්‍යස්ථානය තුළ ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ.IMG 20250319 WA0080IMG 20250319 WA0084IMG 20250319 WA0083

IMG 20250319 WA0085ඒ අනුව මෙම නව මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා වන ප්‍රථම පස් පිඩලි කැපීමේ අවස්ථාවට ගරු මැක්ස්වෙල්.ජී. සිල්වා අගරදගුරුතුමන්, ගරු දුෂ්‍යන්ත රුද්‍රිගු  රදගුරුතුමන් සහ මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මිය ඇතුළු ආරාධිත අමුත්තන් පිරිසක් සහභාගි වූහ.

මෙම උත්සවය සඳහා සියලු කිතුණු සභාවන් සහ කතෝලික සභාවන් වලට  අයත් කන්‍යා සොහොයුරියන් පිරිසක්ද සහභාගි වුහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here