ශ්‍රී ලංකා මහ බැංකුව  පොලී අනුපාත තවත් පහළ දමයි

0
344

52baa8825116b0aab6c7cbdcbc0fb8f6 L

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සමාලෝචනයේදී ඊයේ  ගන්නා ලද  තීරණයකට අනුව  මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය වන නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය හා නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින් 9% සහ 10% දක්වා අඩු කිරීමට, තීරණය කර තිබෙනවා. ඒ, පදනම් අංක 100 කින්. දේශීය සහ ගෝලීය ආර්ථිකයේ වර්තමාන හා අපේක්ෂිත වර්ධනයන් පිළිබඳ විශ්ලේෂණයකින් අනතුරුවයි, එම තීරණයට ‍එළඹ ඇත්තේ.

උද්ධමනය ඉලක්ක ගත මට්ටමකින් 5% ට වඩා ළඟා කර ගැනීම හා පවත්වා ගෙන යාමේ අරමුණ සහිතව මෙම තීරණවලට එළඹි බව, ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඔවුන් පුරෝකථනය කරන්නේ, ආර්ථික ක්‍රියාකාරකම් ආසන්න හා මධ්‍ය කාලීනව සමාන මට්ටමක පවතිනු ඇති බවයි. ප්‍රතිපත්ති පොලී අනුපාත අඩු කිරීමත් සමග ඉකුත් ජුනි මාසයේ සිට ක්‍රියාත්මක කරන ලද මුදල් ප්‍රතිපත්ති ක්‍රියා මාර්ග සමගින් මධ්‍ය කාලීනව උද්ධමනය ස්ථාවර කිරීමට ප්‍රමාණවත් මුදල් ලිහිල් කිරීමක් සිදු කර ඇති බව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය නිරීක්ෂණය කර තිබෙනවා.

ඒ අනුව, ඉදිරි කාලය තුළ වෙළෙඳපොළ පොලී අනුපාත සාමාන්‍ය කරණය වේගවත් කරමින්, මූල්‍ය ආයතන විසින් විශේෂයෙන් ණය අනුපාත සඳහා මුදල් ලිහිල් කිරීමේ පියවර කඩිනම් සහ සම්පූර්ණයෙන් සම්මත කිරීමේ අවශ්‍යතාව ද මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අවධාරණය කරනවා. අඩු ඉල්ලුම් තත්වයන් පිළිබිඹු කරමින් ප්‍රධාන උද්ධමනය අඛණ්ඩව පහළ මට්ටමක පවතින බව, ශ්‍රී ලංකා මහ බැංකුව මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

www.runews.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here