ශ්‍රිනාත් පෙරේරා ඊයේ දවල් සිරිකොතට ගියේ ඇයි???

0
187

ෆ්‍රෙඩී මහත්තයෝ ඔබෙගේ පත්තරයේ පළවී තිබෙන
” ශ්‍රිනාත් පෙරේරා සමාව ඉල්ලයි???

මෙවැනි දේවල් දැමීමේදී ඔබ හොඳට සොයා බලා මුද්‍රණය කල යුතුය. මෙවැනි වැරදි දේවල් දමමින් ජනතාව නොමග යැවීම වැරදී මෙන්ම සදාචාරාත්මකද නොවේ.. තොරතුරු හරිහැටි දැනගෙන දැමීම ඔබේ යුතුකමවේ.

එහෙමත් නැත්නම් මෙය පලකලේ කාගේ උවමනාවටද යන්න හෙලිකලයුතුය..

(බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ශ්‍රිනාත් පෙරේරා මහතාගේ ෆේස් බුක් අඩවියෙන් උපුටා ගැනුනි.)

අපේ උත්තරේ

ශ්‍රිනාත් මහත්තයෝ අපි සිරස වගේ අතේ රෝල් අපේ වෙබ් එකේ දාන්න තරම් බංකොලොත් නැ වගේ ම සිරස වගේ අපි ලැජ්ජ නැතිව අනුන්ගේ කොන්ත්‍රාත් කරන්නේත් නැ.
අපි අහන්නේ මෙච්චරයි ශ්‍රිනාත් මහත්තය ඊයේ ( 2013 සැප් 25)දවල් 11.30 12.30 අතර ජෝශප් මයිකල් පෙරේරාත් එක්ක සිරිකොතට ගියේ නැද්ද ?
පුළුවන් නම් නෑයි කියන්න.
මහලේකම් තිස්ස අත්තනායකවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහවත් හම්බ වුනේ නැද්ද?
සිරස පච කෙලිද්දි නිහඩව හිටපු ඔයා ඇත්ත ලියපු අපට එලි වෙන්න කෝල් කරල අපි ලියපුව බොරුයි කියල කියන්න හැදුව නේද
අපේ මාධ්‍ය කලාවේ අතේ රෝල් නෑ. සල්ලි වලට කොන්ත්‍රාත් නැ..නොදන්නවා නම් මීගමුවේ ජනතාවගෙන් අහල දැනගන්න.shrinath 4