ශ්‍රිලංකන් ගුවන් සේවය ජුනි 01 වෙනිදා සිට ගුවන් ගමන් නැවත ඇරඹිමට සුදානම් …….

0
141
SriLankan-Airlines-700x375ශ්‍රී ලංකන් ගුවන් සේවය ජුනි මාසය වන විට නියමිත ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට සූදානම් වන බව  ශ්‍රි ලන්කන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා පවසා ඇතැයි දිණිමිණ වෙබ් අඩවිය අද වාර්ථා කොට තිබේ.
“ජුනි මස පළමුවැනිදා වන විට අපගේ නියමිත ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම සඳහා අපි ගුවන්තොටුපල සහ ගුවන් සේවා සමඟ කටයුතු කරමින් සිටිනවා” යැයි පතිරගේ මහතා ශ්‍රී ලංකාවේ ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධාන කරන ලද මාර්ගගත සංසදයක අදහස් දක්වමින් සදහන් කර ඇති බව වැඩිදුරටත් එහි සදහන්ය.
කෙසේ වෙතත් එලෙස ගුවන් ගමන් ආරම්භ කිරිමත් මතුවිය හැකි තත්වයන් ගැනද බරපතල ලෙස සැලකිල්ලට ගතයුතුව ඇත්තේ මෙරට තුල පළමු කොවිඩ් ආසාදිතයා හමුවි ගෙවි ගොස් ඇත්තේ තවමත් මාස 2 ක පමණ කාලයක් යන බැවිනි.