ශ්‍රිලංකා පිළ නියෝජනය කරන මීගමුවේ සුපිරි ක්‍රිකට් ක්‍රිඩකයන් දෙපලට ගමේ දි උණුසුම් පිළිගැනිම් !

0
167

dasun 1ශ්‍රිලංකා පිළ නියෝජනය කරන්නට වරම් ලද මීගමුව පුතුන් අතර වඩාත් අවධානය දිනාගෙන ඇති ක්‍රිඩකයන් දෙපල වන්නේ දසුන් ශානක සහ දුෂ්මන්ත ශමිරය.
සා.පිතර විදුහලත් ,හරිස්චන්ද්‍ර විදුහලත් මුලින් නියෝජනය කළ ඔවුන් මාරිස්ටෙලා විදුහලේ දොරටු විවර වන්නේ ඔවුන් තුල වු සහජ දක්ෂතා වලට පිමි පනින්නට අනගි ඉඩ කඩක්ද සලසාදෙමිනි.
මීගමුවේ පිහිටි පුද්ගලික පාසැල් අතර මාරිස්ටෙලා විදුහල සිය අභිමානය හැම මොහොතකම රදවාගෙන සිටිනුයේ හැමවිටම හොදම දේ සිය දරුවන්ට ලබාදෙන්නට ඇති සුදානම නිසාමය.
ශ්‍රිලංකා පිළ නියෝජනය කරන සුපිරි ක්‍රිඩකයන් දෙදෙනෙකු දැන් මීගමුවෙන් බිහිව තිබේ.පසුගිය දා නිමාවු 20-20 ඉන්දිය සංචාරයේදි සිය දක්ෂතා මැනවිත් යළිත් ලකුණු කොට තබන්නට මේ දෙදෙනාම සමත්විය.
ඒ අය උණුසුම් ලෙසින් පිළිගන්නට මීගමුව හා අවට ගම්වල ජනයා සංවිධානය වි තිබුණි.
පහත පළවන්නේ ඒ විවිධ අවස්ථාවන් කැමරා කාච වල සටහන්ව තිබු අයුරුය.
ඒ සියළු අසිරිමත් මොහොතවල් සිය මුහුණු පොත්වලට එක්කරන්නට මේ සුපිරි ක්‍රිඩයන් අමතක කලේ නැත.
ඒ අන් අයටද ඒ වග දැනගනු පිණිසය.