“ඕකා ගන්න එපා. වාසියට පක්ෂ මාරු කරපු එවුන් අපට එපා. ඕකාට නාමයෝජනා දෙන්න එපා. ආවත් පරද්දනවා. අතට අහුවුණා නම් දනී” යනාදී වශයෙන් දැඩි විරෝධයක් දුමින්ද දිසානායක මහතා පොහොට්ටු සාමාජිකයින් එල්ල කළ අතර තත්වය පාලනය කිරීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික් පොහොට්ටු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා මැදිහත් වීමට උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැත.
මෙයින් ඉතාම පැහැදිලිව පෙන්නුම් කෙරෙන්නේ ශ්රීලනිපය පොහොට්ටුව සමඟ සන්ධානගත වුවත් ඉදිරි මැතිවරණයකදී ශ්‍රීලනිප අපේක්ෂකයින් පරාජයට පත් කිරීම සඳහා පොහොට්ටු සාමාජිකයින් හැකි සෑම දෙයක්ම කරනු ඇති බවය. මේ අනුව 2020 මහමැතිවරණයේදී ශ්රීලනිපය ඉතිහාසයේ අඩුම ආසන සංඛ්‍යාව ලබාගන්නා අවස්ථාව වුවත් සනිටුහන් වීමට ඉඩ තිබෙන බව පෙන්නුම් කෙරේ.
(LNW )