ශ්‍රිලනිපය සුරැකීමේ සටනට මිල්රෝයිත් එක්වෙයි !

0
70
මිල්රෝයිශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළඹෙන ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙත සහය දැක්වීමට ගෙන ඇති තීන්දුව සම්බන්ධව පක්ෂ අභ්‍යන්තරයේ බරපතළ විරෝධයක් මතුව තිබේ.
ඔවුන්ගේ ස්ථාවරය වී ඇත්තේ වසර 70 ක් පැරණි ප්‍රෞඩ පක්ෂයක් දෙකඩ කළ රාජපක්ෂ පවුලේ සාමාජිකයකු යළිත් ජනාධිපති කිරීමට සහය දැක්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසානය වන බැවින් වහාම එම ප්‍රයත්නය පරාජයට පත්කළ යුතු බවයි.
ඒ වෙනුවෙන් මෙවර ජනාධිපතිවරනයේදී ගෝඨාභය රාජපක්ෂව පරාජය කිරීමට උපරිම දායකත්වය ලබාදීමටද ඔවුන් තීරණය කර තිබෙයි.මෙවර ස්වාධින අපෙක්ෂකයෙකු ලෙසින් ජනපතිවරණයට තරඟ වදින ශ්‍රිලනිප ජේෂ්ඨයෙකු වු මිල්රෝයි ප්‍රනාන්දුද ශ්‍රිලනිපය සුරකිමේ සටහට මේ වන විට එක්වී සිටි.
තවත් රැසක් මේ අයුරින් ඉදිරියේදි එක්විමට නියමිතව සිටි.
 ඒ අනුව අද රැස්වී ඇති හිටපු මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකයන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයන් ඒ වෙනුවෙන්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමේ සංවිධානය සමඟ එක්ව සිටියි.
මෙම සංවිධානයේ සභාපති ලෙස  සංජය සිරිවර්ධන කටයුතු කරන අතර එහි ලේකම් ලෙස කටයුතු කරන්නේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනතුරේ වැටුණු බොහෝ අවස්ථාවල එය  රැකගැනීමට ඉදිරිපත්වූ  තුසිත හල්ලොළුව ය.