ශ්‍රිලනිප නායකයෝ රටපුරාම තම මන්ත්‍රිලාට මිලියන ගණන්වලින් විකිණෙන හැටි කියා දෙති !

0
36

briberyපැවැති දුර්දාන්න මහින්ද රාජපක්ෂ රෙජිමය පරදා එජාපය ඇතුළු පක්ෂ ගණනාවක පෙරමුණකින් සිවිල් සමාජ සංවිධානවලද හයියෙන් පිහිටුවාගත් යහපාලන රජය මේ වන විට ඒ සියල්ල අමතක කරමින් රැකගතයුතුව ඇති සැබැ ඒකාබද්ධතාවය විනාශකරගනිමින් සිටිති.
සිය ආසන පවා අන්ත ලෙසින් පරාජය පත්ව යහපාලන රජයේ ආශිර්වාදයෙන් ඇමතිකම් ලැබු අතැම් මන්ත්‍රිවරුන් සහ මන්ත්‍රිවරියන්ද අද  අගමැතිට එරෙහි විශ්වාසබංගයට බෙරිහන් දෙන්නා ඒ බොහොමයක් දෙනා දැනට අතැතිව සිටින්නේ පිං ඇමතිකම් යැයි අමතක කරගනිමිනි.
මේ පසුබිම යටතේ එජාපය ජයගත් ප්‍රබල මහනගර සභා පවා ඉතාමත් ශුක්ෂම ලෙසින් ඉහල ගණනින් සිය ශ්‍රිලනිප මන්ත්‍රිවරුන්ට විකිණෙන්නට හැර මේ පුරුදු පුහුණු කරමින් සිටින්නේ මේ රට තුල යළිත් හොරුන්ගේ පාලනයක් ස්ථාපිත කරන්නටදැයි සාධාරණ සැකයක් මේ රටේ ප්‍රගතිශිලි ජනයා හමුවේ ඇත.
මෙහි වඩාත් ජුගුබ්සාජනක සිදුවිම වන්නේ නිමල් ලංසා වැන්නෙකුත් දැන් හොරු යැයි අනික් අයට ඇගිල්ල දිගු කිරිමට පටන්ගැනිමත් සමගින්ය.
නිමල් ලංසා විසින් එක ඇගිල්ලක් එල්ල කරද්දි ඇගිලි 3 ක් තමන් දෙසට එල්ලව තිබෙන බව යළිත් මතක් කර දිය යුතුව තිබේ.
පුංචි හොරුන් පුරුදු පුහුණු කරන පළාත් පාලන මොන්ටිසොරිය දැන් ක්‍රියාත්මකය.
මීගමුවේදි මෙන්ම අද දෙහිවල ගල්කිස්ස නගර සභාවලදිත් සිදුව ඇත්තේ මේ ලොකු ගණන්වලින් විකිණෙන හැටි කියා  දිමය.
දෙහිවල ගල්කිස්ස නගර සභාවේ ශ්‍රිලනිප මන්ත්‍රිවරුන් 4 දෙනෙකු පොදුජන පෙරමුණ ඡන්දය ලබාදි එහි පොහොට්ටු පාලනයක් අද ස්ථාපිත කරගෙන තිබුණි.