ශ්‍රී ලංකන් එක්ක ඩොලරයකට කිලෝවක් රැගෙන යන්න…

0
74

cargoශ්‍රී ලංකන් ගුවන් සමාගමෙහි ගුවන් භාණ්ඩ අංශය මගින් ගුවන් භාණ්ඩ ප්‍රවාහණ ක්ෂේත්‍රයේ පෙරලියක් කරමින් මැදපෙරදිග ගුවන් ගමනාන්ත හතක සිට කොළඹට එවන ගුවන් භාණ්ඩ සඳහා ආකර්ෂණීය ගාස්තු ක්‍රමයක් හඳුන්වා දී ඇත. ‘A Dollar A Kilo!’ ලෙස නම්කර ඇති මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ කිසිදු අවහිරතාවකින් තොරව ඕනෑම ප්‍රමාණයක බරක් කිලෝග්‍රෑමයක් සඳහා ඇමරිකානු ඩොලරයක් පමණක් ගෙවීමෙන් ඩුබායි, අබුඩාබි, දෝහා, කුවේට්, දමාම්, රියාද් සහ ජෙඩා සිට ශ්‍රී ලංකාවට එවිය හැකිය.

සැඟවූ ගාස්තු කිසිවක් අන්තරගත නොවන මෙම ‘A Dollar A Kilo!’ ප්‍රවර්ධන වැඩසටහන මගින් ඕනෑම පාරිභෝගිකයකුහට ඕනෑම භාණ්ඩයක් ඉහත ගමනාන්ත 07 හි සිට පහසුවෙන් මෙරටට එවිය හැකි බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් භාණ්ඩ අංශය පවසයි.
http://lankaaviationnews.com