ශ්‍රී ලංකන් දැන් දිනපතාම මස්කට් වෙත..

0
140

pg-annual-report-revamp

මස්කට් හා කොළඹ අතර දිනපතා ගුවන් සේවාවක් ආරම්භ කිරීමට ශ්‍රීලංකා ගුවන් සේවය කටයුතු කර තිබෙනවා.

මේ ආකාරයෙන් ගුවන් සේවාවක් ආරම්භ කිරීම සමබන්දයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවාව සතුටට පත්වන බව හා ඉදිරියේදී මේ ආකාරයෙන්ම ඉන්දියාවේ විශාකාපට්නම්,හයිද්‍රාබාද්,කොයිබතූර්,ලායා හා වරනාසි වැනි ගමනාන්තයන් දක්වා තම සේවාව පුළුල් කිරීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රීලංකා ගුවන් සේවයේ මෙරට කළමණාකරු දීපාල් පල්ලෙගන්ගොඩ මහතා  පවසනවා.

අළුතින් ආරම්භ කර ඇති ගුවන් සේවය රාත්‍රී 11.05ට මස්කට් ගුවන් තොටුපලින් පිටත් වී පෙරවරු 4.55ට මෙරටට පැමිණීමට නියමිත අතර නැවතත් සවස 7.20ට මෙරටින් පිටත් වී රාත්‍රී 9.55ට මස්කට් වෙත ලගා වීමට නියමිතය.

එලෙසම ඉදිරියේදී මාලදිවයින,මැලේසියාව,බැංකොක් හා චීනය වැනි ගමනාන්තයන් වෙතත් විශේෂ පැකේජයන් හදුන්වාදීමටත් ශ්‍රී ලංකන් ගුවන් සේවය බලාපොරොත්තු වන බව රීලංකා ගුවන් සේවයේ මෙරට කළමණාකරු දීපාල් පල්ලෙගන්ගොඩ මහතා  වැඩිදුටත් පවසනවා.