ශ්‍රී ලංකන් දැන් ලාහෝර් වෙතත්..

0
126

ශ්‍රීලංකන් ගුවන් සේවය තමන්ගේ සේවාවන් වල අවධානය ආසියානු කලාපය හා මැදපෙරදිග වෙත තවදුරටත් ව්‍යාප්ත කිරීමේ අරමුණ ඇතිව සැප්තැම්බර් මස 27 වනදින සිට පාකිස්ථානයේ ලාහෝර් නගරය වෙතද ගුවන් සේවවාවක් ආරම්භ කිරීමට තීරණය කර ඇත. ශ්‍රිලංකන් ගුවන් සේවයේ සභාපති අජිත් ඩයස් මහතා පවසන්නේ, මේ පියවර තම ගුවන් සේවයේ ඉලක්කයන් ආසියාව වෙත තව තවත් වැඩි තිරීමට හේතු වන බවයි. මෙම ගුවන් මාර්ගයේ සේවය යෙදවීම සදහා ශ්‍රිලංකන් ගුවන් සේවාව සතු A320 හා A321 ගුවන් යානා යොදවන බවත් වාර්ථා වෙයි.

“පාකිස්ථානයේ දෙවන ප්‍රධාන නගැය වන ලාහෝර් දක්වා අපගේ සේවාවන් දියත් කිරීමට හැකිවීම පිලිබදව අප විශේෂයෙන් සතුටට පත් වෙනවා. ලාහෝර් නගරයේ මෙන්ම අනෙකුත් ආසියාතික රටවල් වලද පවතින ව්‍යාපාරික අවස්ථාවන් පිලිබදව අප සමීප සමීක්ෂණයක් කිරීමට බලාපොරොත්තු වන අතර ඒ අනුව එම නගර වෙත නව ගුවන් සේවා ආරම්භ කිරීම හා දැනට පවතින ගුවන් ගුවන් ගමන් වාර ගණන වැඩි කිරීමටත් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.” ශ්‍රීලංකන් ගුවන සේවයේ කැප්යන් සුරේන් රත්වත්තේ මහතා මේ සමබන්දව අදහස් දක්වමින් කියා සිටියේය.

මෙම සේවය ආරම්භ කල පළමු මාසය ඇතුලතදී ගුවන් ගමන් සතියකට දින දෙකක් එනම් අගහරුවාදා හා බ්‍රහස්පතින්දා දිනයන් වලදී ද,ඔක්තෝබර් මස 30 වන දින සතියකට දින 3ක් එනම් බදාදා,සිකුරාදා හා ඉරිදා දිනයන් හිදීද වශයෙන් සැලසුම් කර ඇත.  මෙම ගමන් සේවාවන් කටුනායක ගවන් කොටුපලින් රාත්‍රී 8.10 පිටත් වීමට නියමිත අතර ලාහෝර් නගරය වෙත රාත්‍රී 11.35ට ලගා වීමට නියමිතය. එලෙසම ලාහෝර් නගරයෙන් අලුයම 12.35ට පිටත් වී කටුනායක ගුවන් තොටුපල වෙත අලුයම 5.05ට ලගා වීමටද සැපසුම කර ඇති බව වාර්ථා වේ.

මෙ නව ගුවන් ගවන් වාරයන් සමගින් මේ වන විට ශ්‍රීලංකාන් ගුවන් සේවය රටවල් 8ක ගමනාන්ත 100ක් දක්වා තන්ගේ සේවාවන් ව්‍යාප්ත කර ඇත.

160327120752-lahore-pakistan-blast-park-00000000-full-169

 

 

news.lk ඇසුරිණි.