ශ්‍රී ලංකාව තුල සිය නිශ්පාදන ආරම්භ කිරීමට Deri Desen තුර්කි සමාගමේ අවධානය

0
41

1

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන තුර්කි වෙළඳපලට හඳුන්වා දීම හා තුර්කි ආයෝජකයින් ශ්‍රී ලංකාව වෙත ආකර්ශනය කර ගැන්ම සඳහා තුර්කියේ අන්කාරා නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තානාපතිතුමාගේ ආරාධනයකට අනුව, අන්තර්ජාතික වෙළඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය, ගරු සුජීව සේනසිංහ මැතිතුමා ප්‍රමුඛ, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ඒකාබද්ධ ඇඟළුම් සංගමය, නියෝජනය කරමින් දූත පිරිසක් 86 වන ඉස්මිර් ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයට සහ වෙළඳ හමුවකට 2017 අගෝස්තු මස සහභාගී වූ අතර එහිදි පැවැත්වූ සාකච්ඡාවන් හි සෘජු ප්‍රතිඑලයක් ලෙස තුර්කි ඩෙරි ඩෙසන්සමාගමේ නියෝජිතයන් පිරිසක් 2017 දෙසැම්බර් 06 දින ශ්‍රී ලංකාවට පැමිණ සාකච්ජා පවත්වන ලදි.

ඩෙරි ඩෙසන්සමාගම ඉස්ථාන්බුල් අගනුවර මුල් කරගනිමින් 1969 සිට සාර්ථකව නිශ්පාදන පවත්වාගෙන යන සමාගමකි. මෙම සාකච්ඡා සඳහා එම සමාගමේ ගෝලීය සන්නාම සංවර්ධන කළමණාකාරිණි, සාර් මිසන්හි ෂදී (Sahar Misanghi Zadeh), සාමාන්‍යාධිකාරී සහ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික, එලීෆ් සෙර්ට්කායා (Elif Sertkaya) අන්තර්ජාතික වෙළඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය, සුජීව සේනසිංහ මැතිතුමා,අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, ඉන්දිරා මල්වත්ත මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් අපනයන සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේ පැවති මූලික සාකච්ඡා වටයට සහභාගී වූහ.

මෙම අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය, සුජීව සේනසිංහ මැතිතුමා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා මෙය හොදම සහ සුදුසුම අවස්තාව බවයි. එසේම ඒ සඳහා වෙළඳ පහසුකම් රැසක්ම රජය ලබා දී ඇති බවත් සඳහන් කළා අමාත්‍යතුමා තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ආයෝජකයින්ට දකුණු ආසියාවේ විශාල වෙළඳපොළට ක්ෂණික ප්‍රවේශයක් ශ්‍රී ලංකාව තුලින් ලබා ගත හැකි බවයි.