ශ්‍රී ලංකාව නියෝජනය කළ එකම ගුවන් බාලදක්ෂයා

1
95
 
22 වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය පසුගිය ජුලි 27 වනදා දිට අගෝස්තු 7 වනදා දක්වා ස්විඩනයේ රින්කබි නගරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.  මේ සඳහා ශී‍්‍රලංකා සංචිතයේ බාලදක්ෂයන් සහ බාලදක්ෂ නායකයින්  122 ක් පමණ සහභාගී වූ අතර මෙහිදී ගුවන් බාලදක්ෂ සමූහය නියෝජනය කිරීමට වරම් ලැබූ  එකම බාලදක්ෂයා වූයේ කටුනායක රෝමානු කතෝලික කනිෂ්ඨ විදුහලේ 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන කසුන් සංදීප් ය. ඔහු  ගුවන් බාලදක්ෂ සමූහයේ ජේ්‍යෂ්ඨතම බාලදක්ෂයෙක් ද වේ. 
කසුන් ගුවන් බාලදක්ෂයෙක් වූ ආකාරය මුලින්ම අපට විස්තර කළා. 
‘‘ මම කටුනායක ගුවන් හමුදා කඳවුරේ බාලදක්ෂ සමූහයට සම්බන්ධ වුණේ වර්ෂ 2006 දී. ඒ අපේ ගෙවල් ගාව හිටපු ගුවන් හමුදා නිලධාරී මහත්මයෙකුගේ ආරාධනයෙන්. සෑම සෙනසුරාදාවකම ගුවන් හමුදා කඳවුරේ පංති පැවැත්වෙනවා. මම ඒවාට නොවරදවාම සහභාගී වෙනවා. එහි නියමිත පාඨමාලාවකට අනුව පංති කරගෙන යනවා. මේ තුළින් මට වැදගත් දේවල් ඉගෙන ගන්න ලැබුණා. එළිමහන් කි‍්‍රයාකාරකම්වලට සහභාගී වීම ඒ කියන්නේ කණ්ඩායම් 6 ක් සමග කී‍්‍රඩා කිරීම, පාගමන් වලට සහභාගී වීම, පුරෝගාමී කි‍්‍රයාකාරකම් වන ප‍්‍රථමාධාර ක‍්‍රම පුහුණු කිරීම, භාජන රහිත පිසීමේ ක‍්‍රම වගේම ගුවන් හමුදා කඳවුරේ බාලදක්ෂයෙක් නිසා ගුවන්යානා ගැනත් ඉගෙන ගන්නවා. මේවා ඉගෙන ගන්න අතරම විවිධ දිස්ති‍්‍රක් බාලදක්ෂන් සමග දිස්ති‍්‍රක් ක‍්‍රීඩා තරගවලට සහභාගී වෙනවා. බාලදක්ෂ වැඩ සතියට සහභාගී වෙනවා.
අපේ ව්‍යාපාරය තුළ කඳවුරු පවත්වන්නේ අවුරුද්දකට එක්වරක් පමණයි. එයට දිස්ති‍්‍රක් කණ්ඩායම් සහභාගී වෙනවා. කොළඹ විහාරමහාදේවී උද්්‍යානයේදී පැවැතවෙන එයටි‘කැම්පෝරිය’  යන නම භාවිත කරනවා. එසේම ජාතික බාලදක්ෂ  ‘ජම්බෝරිය’ පවත්වන්නේ අවුරැුදු 4 කට වතාවක්. අවසාන ජාතික බාලදක්ෂ ජම්බෝරිය පැවැත්වුණේ 2010 දෙසැම්බර් මාසයේදීයි. 
ලෝක බාලදක්ෂ ජම්බෝරියට තෝරා ගැනුණේ කොහොමදැයි විස්තර කළොත් ? 
මම හිතනවා මගේ මේ ගමනට තෝරා ගැනීමේ සුදුසුකම වුණේ බාලදක්ෂ ප‍්‍රධානය, දිසා කොමසාරිස් රැුහැන යන ප‍්‍රවීණතා පදක්කම් ආදිය ලබා තිබීමයි. කොළඹ දිසා මූලස්ථානයේත්, ජාතික බාලදක්ෂ මූලස්ථානයේත් පැවති සම්මුඛ පරීක්ෂණ වලින් මම සමත් වුණා. එහිදී මගේ ගමන ගැන සහ ගමනින් පසු මා කරනා දේ ගැන ඉංගී‍්‍රසියෙන් රචනාවක් ලිවිය යුතු වුණා. එයිනුත් ලකුණු ලැබෙන්න ඇති. සම්මුඛ පරීක්ෂණය සිදුවුණේ ඉංගී‍්‍රසි භාෂාවෙන්. මෙලෙසින් තෝරාගැනුණ මා මීරිගම බාලදක්ෂ කඳවුරේ භූමියේ පැවති පුහුණු කඳවුරු 3ට සහභාගී වුණා. එහදී ගමනට අවශ්‍යය සියලූ දේ (කන බොන හැටි පවා* කියා දුන්නා. ගමනට ගුවන් බාලදක්ෂයෙක් ලෙස සහභාගී වුණේ මම පමණයි. 
‘‘ ලෝක බාලදක්ෂ ජම්බෝරියේදී විශාල අත්දැකීම් රාශීයක් ලබාගන්නට මට හැකිවුණා. විවිධ රටවල බාලදක්ෂයන් සමග විවිධ ක‍්‍රියාකාරකම් කිරීම, විවිධ ආහාර පිළියෙළ කිරීම, කදු නැගීම්, පාගමන්, ජල කී‍්‍රඩා, විවිධ වැදගත් ස්ථාන නැරඹීම, රටවල භාවිතා වන මුදල් වර්ග, විවිධ සංස්කෘතීන් දැනගන්නට ලැබීම විශේෂයෙන් කීමට වුවමනායි.එසේම මෙවර සැප්තැම්බර් 1 සිට 5 වනදා දක්වා කොළඹ බාලදක්ෂ කැම්පෝරිය සඳහා සහභාගී වෙමින් ගුවන් බාලදක්ෂ කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කළේ ද කසුන් සංදීප් ය. ඔහු ජේ්‍යෂ්ඨ බාලදක්ෂයෙකු ලෙස විදේශ අත්දැකීම් උපයෝගී කර ගනිමින් ගුවන් බාලදක්ෂ සමූහය එම උප කඳවුර තුළ හොඳම කඳවුරු භූමියට හිමි සම්මානය ද දිනාදීමට සමත්විය.
 ඔහු අවසන් ලෙස තම කටයුතු වලට මගපෙන්වන්නන් වන සමූහ බාලදක්ෂ නායක වින්කොමාන්ඩර් සුජීව පොන්නම්පෙරුම ගුවන් බාලදක්ෂ නායක එච්.එල්.එම්.පී.නමුණුකුල සහය බාලදක්ෂ නායක ජේ. එම්.එන්.ඞී.ජයලත් යන නායකයින් මතක් කළේ හදපිරි සතුටිනි. කසුන්, ඔබට මීපුර අපෙන් ද  සුබපැතුම් !
සෙලින් ප්‍රනාන්දු

1 COMMENT

Comments are closed.