ශ්‍රී ලන්කන් කේටරින් සේවකයින් 31 දෙනෙකුට කොරෝනා …

0
98

කටුනායක ශ්‍රී ලන්කන් කේටරින් ආයතනයේ සේවකයින් 31 දෙනෙකුට 12/20 දින වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළ බව ada.lk වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

මෙම සේවකයින් පිරිස පසුගියදා සිදු කළ පී.සී.ආර්.පරීක්ෂණ 324 ක් අතරින් සනාථ වී ඇති බව ද , මේ තත්වය නිසා ශ්‍රී ලන්කන් කේටරින් ආයතනයේ ඉතිරි සේවකයින් පිරිස ද කඩිනමින් පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කිරීමට පියවර ගෙන ඇතැයි ද වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසු බව වැඩිදුරටත් එහි සඳහන්ය
මේ අතර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වානිජමය ගුවන් කටයුතු සදහා දෙසැම්බර් 26 ආරම්භ කිරිමට නියමිතව තිබේ