ශ්‍රී ලාංකික පවුලක් වෙනුවෙන් නවසීලන්ත වැසියෝ වීදි බසිති.

0
104

නවසීලන්ත ඡාතිකයෝ සටන් වදිති ! කවුරැන් සදහාද ?
ශ්‍රී ලාංකික පවුලක් සදහාය.
නවසීලන්ත ඡාතිකයෝ වීදි බසිති ! කවුරැන් වෙනුවෙන්ද ?
ශ්‍රී ලාංකික පවුලක් වෙනුවෙනි !
පරාර්ථකාමීත්වය ඇත්තේ එතැනය. කැපකිරීමි සහ මනුෂ්‍යත්වය ඇත්තේ එතැනය.එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනුෂ්‍ය සමාඡයකි.
================================================
මෙය මනුෂ්‍යත්වය පිළිබද කාරණාවකි. දිනේෂා රෝගියෙකි. ඇයට අවශ්‍ය බෙහෙත් ලංකාවේ නැත. ඔවුනගේ දරුවෝ හැදුනේ වැඩුනේ නවසීලන්තයේය. ඔවුහු ශ්‍රි ලංකාවේ භාෂාව නෙදනිත්. ‘‘ මෙය දරවන් වෘකයන් වෙත යැවුවා හා සමානය “‘
ක්ලූතා සවුත්ලන්ඩ් පාර්ලිමෙින්තු මන්ත්‍රී හමීෂ් වෝකර්
—————————————————————————–
ඔවුන් එනම් දිනේෂා අමරසිංහත් සෑම් විඡේරත්නත් නවසීලන්තය බලා ගියේ ආර්ථික අසීරුතාවලින් ගොඩ ඒමටත් සිය දරුවන්ට මනා අධ්‍යාපනයක් ලබාදීමටත් ඒකායන බලාපොරොත්තුවෙනි. ඔවුන් නවසීලන්තයට ගොස් දැන් වසර 8කි. ඔවුනට පිලිවෙලින් වයස 8 ,10 ක් සහ 11 වියැති පිරිමි දරුවෝ තිදෙනෙකි. නමුත් ඔවුනගේ දෛවය එතරම් කාරුණික නැත. මීට වසර 3 කට පෙර ඇදෙන් පවා බැසිය නොහැකි තරමට දිනේෂා රෝගාතුර විය. ඔහුට
නවසීලන්තයේදී සොයායාගතහැකි රුකියාව වුයේ කුලී රියදුරෙක් වීම පමනි. ඉදින් ඔහු ටැක්සි රියදුරෙක් විය. ඔහු හම්බකරන මුදල දිනේෂාට වැය කල පසු ඉතිරිවන්නේ සොච්චමකි. ඒ ඉතිරිය ඔහු බඩට හරිහමන් නොකා නොබී දරුවන්ගේ අධ්‍යාපනය සදහා යොදවයි. දිනේෂාගේ වෛද්‍ය ගාස්තු වලට පමණක් ඔහු ඇමෙරිකන් ඩොලර් 25,000 ක් සෙවිය යුතුය. හෙණ ගෙඩිය පාත් වුයේ එවිටය. ඔවුන්ගේ විසා ඒවනවිට කල් ඉකුත් වී හෝ නෛතික ගැටලුවක් මතුකර ඇති හෙයින් දින 28 ක් ඇතුලත ඔවුනට නවසීලන්තයෙන් පිටවෙන ලෙසට එරට අධිකරණය නියෝග කර ඇත. එහෙත් දිනේෂාලාගේ පවුල ක්වින්ස්ටවුන්හි මිනිසුන් ආදරය කරන පවුලක් බවට මේ වසර 8 තුල පෙරලී තිබිම දිනේෂාලාට මද අස්වැසිල්ලක් ලබා දී ඇත.ඔවුන් වෙනුවෙන් ක්වින්ස්ටවුමේ නගර වාසීන්, පාර්ලිමෙින්තු මන්ත්‍රීවරයා, පාසැලේ ගුරුවරුන් සහ සමාඡ සේවා සංවිධාන එකතුව මානුෂික පැත්තකින් මෙය නැවත සලකා බලන ලෙස අභියාචනයකරමින් අධිකරණයට පෙත්සමක් ඉදිරපත් කර ඇත. එහි තීන්දුව කුමක් වුවත් තවත් මාස 6 ක් නවසීලන්තයේ ඔවුනට රැදී සිටීමට හැකිවන අතර කිසිදු වෘත්තියක් කිරීමට හෝ දරුවන් පාසැල් යැවීමට එතෙක් ඔවුනට තහනම්ය .
මීට විරෝධය පලකරමින් ක්වින්ස්ටවුමේ මිනිසුන් පාර්ලිමෙින්තු මන්ත්‍රී හමීෂ් වෝකර්ද කැටුව පාරට බැස ඇත. ඔවුන් මග දිගට දිනේෂා සමග කදුලු සලමින් ගිය බව ඩෙිලි මිරර් වෙබි අඩවිය වාර්තා කරයි.
Baskets of Blessings සංවිධානයේ ටැමි ශෘෘමන් මහත්මිය මෙසේ කියා ඇත.
මා ඔවුනගේ පුංචි කුටිය වෙත ගියෙමි. අතවත් නොතැබු ආහාර පාන මේසය මත තිබිනි. කොල්ලෝ තිදෙනා සිටියේ බිමට නැඹුරැකර ගත් හිස්වලිනි. දිනේෂා ගේ දෑස් කදුලින් පිරී කම්මුල් ඉදිමී තිබිණි. එය සිත් කම්පා කරවන දර්ශනයක් විය. ඔවුන් කොතරම් ප්‍රශ්න තිබුනද ක්වින්ස්ටවුමේ ඕනෑම ප්‍රඡා සේවයකට සිය කැමැත්තෙන් ඉදිරිපත්වූ මිනිසුන්ය. ඒ දරුවෝ ඉගෙනීමට බොහෝ දක්ෂයන් විය. මම තීරණයක් ගතිමි. මේ ආදරණීය මිනිසුන් වෙනුවෙන් අපි පාරට බැසිය යුතුය. හඩක් නැගිය යුතුය. ඔවු අපි පාරට බැස්සෙමු. මම අපේක්ෂා කලේ මිනිසුන් 30 ක් හෝ 40 ක ප්‍රමාණයක් අප පසුපස ඒයැයි සිතාය.මට වැරදී ඇත. එය 100 ක් 200 ක් වී 300 ක් 400 ක් පසුකරනවිට අපි හැඩුවෙමු . එය ශ්‍රී ලංකා පවුලක් වෙනුවෙන් නවසීලන්ත ඡාතිකයෝ පාරට බැස්ස ප්‍රථම වතාවය. එමෙන්ම හඩමින් හා සිනාසෙමින්
‘‘ අපි තනි නෑ ‘‘ යි කියා රෝද පුටුවෙි සිටි දිනේෂා පසුපස බලා මා දිහා බලා සිටි ආකාරය මට කලකට අමතක කල නොහැකිය.

35-2

 

සටහන උපුටාගැනීම – සදීප නිරෝෂන් ප්‍රනාන්දුගේ ෆේස්බුක් ගිණුමෙනි.
ඡායාරූප – http://www.life-magazine.info