ශ්‍රී ලාල් රොයිස්ට ද්‍රෝහි වූයේ ඇයි???

0
65

මීපුර වෙබ් අඩවිය දැන් මීගමුවේ ඇත්ත දැනගන්න උවමනාවෙන් සිටින සැමගේ ප්‍රධාන පුවත් මුලාශ්‍රයක් බවට පත්ව තිබේ.
ඒ වෙනුවෙන් මෙතෙක් අප ගත් උත්සාහය අගේ කරමින් විවිධ අයුරින් අපට දායකවන්නට විවිධ පිරිස් මේ වන විට පෙරමුණ ගනිමින් සිටිම අපට තවත් හයියකි.
මේ ඇතමෙක් ඔවුන් හට දැනෙන හැෙඟ න දේවල් අපට ලියන්නටද පටන්ගෙන තිබේ.
පහත පළවන්නේ එක්සත් ජාතික පක්ෂයේ උන්තිය සැබෑලෙසින් අපෙක්ෂාවෙන් සිටින අයෙකු විසින් තබන ලද සටහනකි.
එවන් අදහස් වෙත අප  කවදත් අපේ පුරවැසි පිටුව විවෘත කර තිබේ.
ඒ ඔබේ අදහස් හා උදහස් වෙනුවෙනි.
ඒ සියල්ල කිසිදු සංස්කරණයකින් තොරව අප මෙසේ පළකරන්නෙමු.

NGB court

 උසාවියේ කනින් කොනින්-

මීගමුව ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නීති ලේකම් වරයා වන්නේ
රනිල් විරෝධියකු ලෙස ප්‍රසිද්ධියේ කටයුතු කළ ශ්‍රී ලාල් ය.
ජයලත් ජයවර්ධන ගේ සුත්තරයකට අනුව  නීති ලේකම් තනතුර ලද නමුත්
ජයලත්ගේ සැලැස්මට අනුව රොයිස් දේශපාලන වශයෙන් විනාශ කිරීමේ ව්‍යාපාරය මෙහෙය වූ ශ්‍රි ලාල් කවදාවත් එම අභිමතාර්ථය නතර කළේ නැත.
රොයිස් එක්සත් ජාතික පක්ෂයේ මීගමුව ආසනයේ ප්‍රධාන සංවිධායක වරයා වීම ශ්‍රි ලාල් ට දිරෙව්වේ නැත.

රොයිස් බස්නාහිර පලාත් සභාවේ මන්ත්‍රිවරයෙකු වූයේ මුළු චන්ද ව්‍යාපාරය තුළම සිරකරුවකුව සිටිය දීය.
රොයිස් අත්අඩංගුවට පත් වූයේ ජුවෙල් ලංකා මංකොල්ලයට සැක කළ නිසාය.
එම සිද්ධියට අදාළව  ජුවෙල් ලංකා ආයතනයට නීති උපදෙස් දීම හා එම ආයතනය වෙනුවෙන් අධිකරණ කටයුතු මෙහෙයවන්නට බාරගෙන ඇත්තේ ශ්‍රි ලාල් ය. ඒ රොයිස්ට එරෙහිවය.
මෙය සදාචාරාත්මක ද? එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්තියට ගැලපේ ද?

මෙම පාවාදීම හරහා නීති උපදේශක ධූරය හෑල්ලූ කළාවු ද
එක්සත් ජාතික පක්ෂයට ද්‍රෝහී උනා වූද
මීගමුවේ එක්සත් ජාතික පක්ෂිකයන් අතර කුහකයකු වුනාවු ද?
රොයිස්ගේ පරම හතුරෙකු බව ප්‍රත්‍යක්ෂ කළා වූද ශ්‍රි ලාල් ගේ නින්දිත රංගනය
හරිහැටි දැක ගත හැකි වූයේ
පසුගිය මැයි 21 වන දා මීගමුව මහෙස්ත්‍රාත් උසාවියේ දීය.

දින 90 ක් රැඳවුම් භාරයේ පෑලියගොඩ පොලීසියේ තබාගෙන සිටි රොයිස්
මෙදින උසාවියට ඉදිරිපත් කරන බව දැනගත් පාක්ෂිකයන් හා හිතවතුන් උසාවියේ රැස්කකා සිටියේ රොයිස්ව දැකගන්නට ද
එක්සත් ජාතික පක්ෂය ගන්නා පියවර කුමක් ද
මීගමුවේ නීතිවේදී සමුහය කුමක් කරන්නට යනවා ද කියා දැනගන්නටය.

මෙම අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන්
නීති කටයුතු මෙහෙයවීමේ වගකීම නිලවශයෙන් පැවරී තිබුනේ ශ්‍රි ලාල් ටය.
එහෙත් ඔහු එම අවස්ථාව මගහැර ගියේය.

නීතිවේදියකු වූ පා.ම. මෛත්‍රි ගුණරත්න මැතිතුමා
උසාවියේදී රොයිස් වෙනුවෙන් පෙනී නොසිටියානම් මොනතරම් අභාග්‍යයක්ද? යන්න
එදා මෙම නඩු විමසීමට සවන් දුන් ජනතාව දැක අසා සිටිය හ.

මෙවන් පසුබිමක් තුළ
එක්සත් ජාතික පක‍ෂය     එක්සත් වේවි ද?
එක්සත් ජාතික පක‍ෂය     දිනන්නේ නැත්තෙ මෙවැන්නන් නිසා නොවේ ද?
එක්සත් ජාතික පක‍ෂය     බලයට එන්නේ නැත්තෙ මොකදැයි හිතාගත හැකියි නේද?

සමාජය තුළ නීතිවේදියා ගෞරවයෙන් සැලකුවේ,
අව්‍යාජ වූද ගුණගරුක හා නීතිගරුක වූද
සදාචාරාත්මක හැසිරීමෙන් යුතු
පරිනත බුද්ධිමතෙකු ලෙසය. එබැවින් ශ්‍රි ලාල් වැන්නන් නීතීඥ සමුහයටම නින්දාවකි.
මීපුර පාඨකයෙකි.