කටාන ප්‍රාදේශීය සභාවට සහ කටුනායක සීදූව නගර සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පත්වූ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු සහ මන්ත්‍රීවරියන් 4 දෙනෙකු ඊයේ ( 2018.03.19) දින නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඉදිරියේ දිවුරුම් දෙන ලදී.
කටාන ප්‍රාදේශීය සභාව සදහා සභිකයින් 7 දෙනෙකු ද කටුනායක සීදූව නගර සභාව සදහා සභිකයින් තිදෙනෙකුද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එම පළාත් පාලන ආයතන වලට පත්වී ඇත.
මෙම අවස්ථාව සඳහා බස්නාහිර පළාත් අමාත්‍ය , ලලිත් වනිගරත්න මහතා සහ කටාන ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලීලානන්ද සිල්වා යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්විය.