ශාන්ත නිකුළා තරුණ සමිතියේ නත්තල් පරිත්‍යාගය

0
276

7a2017 නත්තල වෙනුවෙන් මුන්නක්කරය ශාන්ත නිකුළා තරුණ සමිතිය විසින් සංවිධානය කරන ලද ග්‍රාමයේ වෙසෙන අසරණ දිළිඳු දරුවන් 31 දෙනෙකුට ලබන වසර සඳහා වු පාසල් පොත් ඛෙදා දීම 2017-12-29 වන දින ගරු රොශාන් චමින්ද පියතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

දරුවන්ගේ පොත් ලැයිස්තු නත්තල් දේව පූජාවෙන් පසූ නත්තල් ගස අසල බහා තිබූ අතර කැමති අයෙකුට එ් සඳහා අනුග්‍රහය දැක්වීමට අවස්ථාව සලසා දී තිබූනි.

අසරණ දරුවන් වෙත දැක්වූ සහයෝගය වෙනුවෙන් කාරුණික හදවත් ඇති සියලු දෙනාටම මුන්නක්කරය ශාන්ත නිකුළා තරුණ සමිතියේ අවංක ආදර ස්තූතිය සහ දේව ආශිර්වාදය ප්‍රාර්ථනා කරයි.