ශා.ආනා විදුහලේ හිටපු විදුහල්පතිනියට මූල්‍ය වංචා චෝදනා ?

0
85

පළාත්  අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ ආරම්භ කර පවත්වාගෙන යන බව ද වාර්තා වේ. කොච්චිකඩේ  දළුවකොටුව සා.ආනා ප්‍රාථමික විද්‍යාලයේ  හිටපු විදුහල්පතිනියට පසුගියදා මීගමුව කලාප අධ්‍යාපන කාර්යාලයට මාරුවීමක් ලබාදී ඇත. මෙම මාරුවීම පිටුපස ඇය සම්බන්ධයෙන් පසුගිය කාලයේ එල්ලවූ පාසලට ළමුන් ඇතුළත් කිරීමේදී මූල්‍ය වංචා සිදුකළ බවත්, හා එයට විරුද්ධව දෙමාපියන් විසින් සිදුකළ විරෝධතා හේතුවී ඇති බව වාර්තා වේ.  ඇය සිදුකර ඇතැයි කියන  මෙම මූල්‍ය වංචා පිළිබදව ට දැනට මාසය 3කට අධික කාලය සිට  බස්නාහිර  පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කර එය පවත්වාගෙන යන බවද වාර්තා වේ