”ශා.ජෝන් බැප්ටිස් විදුහලට හොඳ විදුහල්පතිවරයෙකු අහිමි වූයේ පියතුමන්ලා පෙත්සම් ගැසූ නිසයි” – දෙමාපියන් චෝදනා කරති

0
199

(ඔක් 05) ලෝක ගුරු දිනය දා කොච්චිකඩේ – බම්බුකුලිය ශා. ජෝන්ද බැප්ටිස් රෝමානු කතෝලික විදුහලේ දෙමව්පියන් විසින් එම පාසල ඉදිරිපිට විරෝධතාවයක නිරතවන ලදී. මෙයට හේතුපාඨය වූයේ පාසලේ වසර දෙකක් පමණ සේවය කරමින් සිටයදී සුළු පිරිසක් විසින් සිදුකරන ලද පෙත්සම් ව්‍යාපාරයක් හේතුවෙන් පාසලෙන් ඉල්ලා අස්වූ විදුහල්පතිවරයාව නැවතත් මෙම පාසලට ලබාදෙන ලෙස කළ ඉල්ලීමට මෙතෙක් කිසිදු බලධාරියෙකු ඇහුම්කන් නොදීමයි. ‍ වැසීයාමට නියමිතව තිබූ ශා. ජෝන්ද බැප්ටිස් විදුහලට වැඩබලන විදුහල්පතිවරයෙක් ලෙස වසර 2කට පමණ පෙරදී පත්වී ආ කුමාර ප්‍රනාන්දු නම් වන විදුහල්පතිවරයා විසින් එම පාසලට ලබාදුන් විශිෂ්ට සේවය අතරමගදී කඩාකප්පල්කාරී ලෙස නවතා පාසල නැවත අගාධයකට තල්ලු කරන්නට සුළු පිරිසකට උවමනා වී තිබෙන බව අද උද්ඝෝෂනයට සහභාගී වූ දෙමාපියන්ගේ අදහසයි. මේ සම්බන්ධයෙන් මීපුර වෙබ් අඩවියට අදහස් දක්වන්නට කැමති වූ පාසලේ උසස් පෙළ හදාරන සිසුවෙකුගේ පියෙකු මෙතෙක් පාසල තුළ සිදුවූ ල පසුබිම  පිළිබඳව ප්‍රකාශ කර සිටියේය.
‘‘  පාසලේ ළමයි 660ක් ඉන්නවා පවුල් 400කගේ පමණ දරුවන්. නමුත් පුද්ගලයන් 07 දෙනෙකුගේ උවමනාවකට තමා පියතුමන්ලාව පවා නොමග යවලා, විදුහල්පතිතුමාට විරුද්ධව පෙත්සම් යැව්වේ. අපේ පාසලට ළමුන්ව එවන්නෙත් නැති පිරිසක් තමයි මිනිස්සුන්ව බිලිබාගෙන ඔය වැඩේ කළේ. විදුහල්පතිතුමාට පාසලෛ්  ඉන්ඩ එපාවෙන තත්ත්වයට මීසම් සභාවේ පියතුමන්ලා 19ක්  පෙත්සම් ගැහැව්වා නීති විරෝධී වැඩ කරනවා කියලා. අන්තීමට විදුහල්පතිතුමාගේ හිත කලකිරෙව්වා.පස්සේ එතුමා ඉල්ලා අස්වෙලා ගියා. හැබැයි අපි පස්සේ අධ්‍යාපන කලාප කාර්යාලයට,බිෂොප් හවුස් එකට ,දේශපාලන නායකයෝ ගාවට ගිහින් මෙතුමාව ඉල්ලුවා.නමුත් අපිට එතුමා හම්බවුණේ නෑ, එතෙක් අපි උද්ඝෝෂනයකට යන්ඩ අදහසක් තිබුණේ නෑ.
මේ විදුහල්පතිතුමාව පාස‍ෙලෙන් ඉවත් කිරීමට පල්ලියේ මීසම් සභාවේ දහම් පාසල් ගුරුවරු කීපදෙනෙකුත්  සම්බන්ධයි. ඒ ගොල්ලෝ මේ පියතුමන්ලාව නොමග යැව්වා. අපි නැවතත් නොකා නොබී ඉදලා හරි මේ විදුහල්පතිවරයාව ලබාදෙන්ඩ කියලා උද්ඝෝෂනයක් කරන්ඩ ලෑස්තියි.

හිටපු විදුහල්පතිවරයා පාසලට සිදුකළේ වටිනා මෙහෙවරක්

අවුරුදු 2කක් එතුමා හිටියා.ඒ අවුරුදු 2කට අවුරුදුක් 10කටවත් කරන්ඩ බැරි වැඩ කොටසක් කළා.දැනට අවුරුදු දෙකකට කලින් උසස් පෙළ පෙනී සිටිය 25 දෙනාගෙන් 19 දෙනෙක් සමත් කළා.
2015 ඉදිරිපත් වූ  26 දෙනොගෙන් 20ක් සමත් වුණා. එන්ඩ එන්ඩ ළමයි වැඩි වෙද්දී එක පන්තියක් තිබුණ එක වසරේ පන්ති දෙකක් වුණා. 6 වසරට පන්ති දෙකක් පටන් ගත්තා. අවට ලොකු ඉස්කෝල වලට යන ළමයි මේ ඉස්කෝලෙට එන්ඩ පටන් ගත්තා.එතකොට අධ්‍යාපනයේ සීඝ්‍ර දියුණුවක් වුණා. භෞතික පැත්තෙන් සීඝ්‍ර දියුණුවක් අත්වුණා. එතකොට ඒවා බලන්ඩ බැරි කට්ටිය තමයි එතුමාට විරුද්ධව  කුමන්ත්‍රණයක් දියත් කෙරුවේ. අනිත් එක දඩුවම් කරපු දරුවෙක්ගේ අම්මා කෙනෙක්ව බිලීබාගෙන එයා ලව්වා පොලිසි ගෙනිහිල්ලා,ඒ දරුවව බොරුවට ඉස්පිරිතාලේ නවත්වලා ,  අවසානයේදී කලකිරෙව්වා. ඒක පිටිපස්සේ හිටපු කීපදෙනා ඒ විදිහට කරලා අන්තීමෙට විදුහල්පතිතුමා ඉල්ලා අස්වෙලා ගියා. අපි අයිවන් පියතුමා හමුවෙලා පාසලේ ප්‍රශ්නය ගැන කිව්වට පස්සේ මිස් කෙනෙක් එවලා තියෙනවා. මේ විදුහල්පතිනිය ඇවිත් කාරක සභාවක් තියලා කිව්වා මට ඕ ලෙවල් ළමයින්ගේ වගකීම් ගන්ඩ බැහැ, ඒ ලෙවල් ළමයින්ගේ වගකීම් ගන්ඩ බැහැ ,මම ප්‍රාථමිකයේ තමයි වැඩ කරන්නේ කියලා.ඒ නිසා දෙමාපියන්ට කළකිරුණා. පෙරේදා ළමයි පාසලේ දැන් ඉන්න විදුහල්පතිනියත් සමග ගැටුණා.උසස් පෙළ පන්ති වල ළමයින්ට පන්ති වල උගන්වන්නේ නෑ. ළමයි නිකම් ඉන්නේ. ඒ වගේම ඔවුන් තුළත් මේ කලින් හිටපු විදුහල්පතිවරයා කරපු සේවය ගැන හැඟීමක් මෙන්ම එය අයුතු ලෙස අහමිවීම ගැන කලකිරීමක් තිබෙනවා.
විදුහල්පතිවරයා ගියේ මේ අවුරුද්දේ 07 වෙනි මාසේ. එතෙක් පාසලේ ගුරුවරයෙක් වැඩ බැලුවා. අලුත් විදුහල්පතිනිය ඇවිත් සති දෙකයි.
සති දෙකෙන් මේ වගේ තත්ත්වයක් උදාවෙනවා නම් තව අවුරුද්දක් විතර යද්දී කොහොම වෙයිද කියලා තමයි අම්පි හිතන්නේ.

විදුහල්පතිවරයාට මීසම් සභාවයි පිියතුමන්ලා පිරිසකුයි විරුද්ධ වුණේ ඇයි ?

එතුමා හොඳ කතෝලිකයෙක්. ඒ වගේම පාසල තුළත් කතෝලික දහමට දරුවන්ටත් අලුත් දේවල් එකතු කළා . හැම බදාදාම සදාසරණ නුවානය සිද්ධ කළා.දින 40 පාද නමස්කාරේ කෙරුවා.
පළවෙනි සිකුරාදා පූජාව ගත්තා.
එතුමා කරපු එක ඉල්ලීමක් තමයි එතුමාට විරුද්ධව පාවිචිචි කෙරුවේ. ඒ මේ පාසලේ දරුවන්ට දහම් පාසල් තිබුණේ සෙනසුරාදා හැන්දෑවේ. එතකොට සෙනසුරාදා හැන්දෑවේ දහම් පාසල් ගිහිල්ලා,පූජාව ඇරිලා ඉවර වෙද්දී රෑ 7.00 වෙනවා. එතකොට ළමයි රැ වෙලා පාරේ යද්දී ගෑනූ ලමයින්ට එක එක කරදර සිද්ධ වෙන්ඩ පටන් ගත්තා. ගෑණූ දරුවන්ගේ ඇදුම් ඉරාගෙන ගිහින් තිබුණා, ඔවුන්ව උස්සන් යන්ඩ ගිහින් තිබුණා ,මේ වගේ අනාරක්ෂිත සිදුවීම් පාරෙදි සිද්ධවෙන්ඩ පටන් ගත්තා. එතකොට අපි පල්ලියේ පොඩි ෆාදර් ව ගෙන්නලා පාසලේ විදුහල්පතිතමායි ,දෙමව්පියෝ එකතුවෙලා ඉල්ලීමක් කළා ළමයින්ට දහම් පාසල ඉරිදාට පවත්වන්ඩ කියලා. ඒ ඉල්ලීමට පල්ලියෙන් ඇහුම්කන් දුන්නේ නෑ. පිළිතුරක් ලැබුණේ නෑ. ඒ නිසා විදුහල්පතිතුමා බිෂොප් හවුස් එකට ලිඛිතව ලියුමක් ලිව්වා. ඒ ලියුම පදනම් කරගෙන තමයි මේ විදුහල්පතිතුමන්  පල්ලියට විරුද්ධ වුණා කියලා පෙත්සම් ගැහුවේ.ඒක මත තමා මේ විදුහල්පතිවරයාව පීඩාවට පත්කරලා තියෙන්නේ.
ඉතින් එතුමාගේ ඉල්ලීම සාධාරණ ද නැද්ද?
දහම් පාසල ඉරිදාට යොදන ලෙස විදුහල්පතිවරයා පල්ලියේ පියතුමාගෙන් ඉල්ලීමක් කළ හේතුව කුමක්ද ?  
මොකද මේ පාසලේ ඉන්නේ දුප්පත් දෙමාපියන්ගේ දරුවෝ. ගාමන්ට් වල වැඩට යන  දෙමව්පියන්ගේ දරුවෝ ඉන්නවා,ඈත කුලී වැඩ කරන දෙමාපියන්ගේ දරුවෝ ඉන්නවා. එතකොට ඒ දෙමව්පියෝ රෑට පල්ලිය ලග රැකලා ඉන්ඩ ඕනා මේ දරුවන්ව පරෙස්සම් කරන්ඩ.අපේ ගෙවල් තියෙන්නෛ් පල්ලියේ ඉදලා කිලෝමිටර් 3කට ඈතින්. තව පිරිසක් යන්ඩ ඕනා ඇත්ගාල පැත්තට  තව කිලෝමීටර් දෙකහමාරක් විතර. අනික ඒ පාරවල් පාලුයි. ඒ වල තනියම යන්ඩ ඕනා.ඒ පාරවල් වලදී තමයි ඔය අතවර සිද්ධ වෙන්ඩ ගත්තේ. ඉතින් විදුහල්පතිතුමා ඒ වෙච්ච සිදුවීම් ගැන අවධානයෙන් ඉදලා ඒ දේවල් වැලැක්වුවා. පුදුම හය්යක් ගමටත් තිබුණා. ඒ තැන් වලදී ගමේ රැකලා ඉදලා දරුවන්ව ඒවායිනුත් ආරක්ෂා කළා. දේශපාලන අතින් හා හැම අතින්ම,කාටවත් කළ නොහැකි දේ මේ විදුහල්පතිතුමා කළා. ඒවා බලන් ඉන්ඩ බැරි කට්ටිය තමයි මේ විදිහට විනාශ කරලා අපිට මේ වගේ තත්ත්වයක් උදා කළේ.  එතුමාව පාසලෙන් මාරු කරන්ඩ දරපු උත්සාහයේදී දෙමාපියන් එයට විරුද්ධව අධ්‍යාපන කාර්යාලයෙන් ඉල්ලීම් කළා, මාරු කරන්ඩ එපා කියලා. එහෙම තියෙද්දී තමයි එතුමාම ඉල්ලා අස්වෙලා ගියේ. අපි දැන් ඉල්ලන්නේ අපිට නැවතත්  මේ විදුහල්පතිවරයාවම දෙන්ඩ කියලා. රෝස් ප්‍රනාන්දු මන්ත්‍රීවරිය දැනට පොරොන්දුවක් වූ නිසා තමයි අපි මේ උද්ඝෝෂනය නැවත්වූවේ ,අපි ලබන සතියෙත් මේ උද්ඝෝෂණය සිදුකරනවා.

විදුහල්පතිවරයා කාදිනල්තුමාගෙන් කළ ඉල්ලීම
සෙනසුරාදාට පැවැත් වෙන දහම් පාසල ඉරිදාට  මාරුකරන්ඩ කියලා විදුහල්පති පල්ලියේ පියතුමාගෙන් කරපු ඉල්ලීමට කිසිදු පිළිතුරක් ලැබුණේ නෑ. මේ හේතුවෙන් විදුහල්පතිවරයා කළේ මේ ඉල්ලීම කාදිනල්තුමාට ලිඛිතව දැනුම් දීලා එකේ පිටපත් කලාපයේ සියලූම කතෝලික පියවරුන්ටත් යැව්වා. ඊට පස්සේ තමයි විදුහල්පතිතුමාට පාසලේ වැඩකරන්ඩ බැරි විදිහේ තත්ත්වයක් සුළු පිරිසක් එකතු වෙලා ඇති කෙරුවේ.ඒ අයගේ දරුවෝ එක්කෙනක්වත් මේ පාසලට යන්නෙත් නෑ. ඒ අය යන්නේ ලොකු ලොකු පාසල් වලට. සමහර විට ඔවුන්ට ඊර්ෂාවක් තිබෙන්නට පුලුවන් මේ දුප්පත් මිනිස්සුන්ගේ දරුවෝ මේ විදිහට ඉගෙන ගෙන දියුණු වෙන එක ගැන.

මීගමුව අධ්‍යාපන බලධාරීන්ගේ නිහඩවිම
දිගින් දිගටම පෙත්සම් ගැහැව්වා.අධ්‍යාපන ක්ෂේත්‍රෙය් ඉහළ සථාන වලට. පළාත් පාලන ආයතනයෙන් පරීක්ෂණයකටත් ආවා. ඒත් පාසලේ කිසිම වැරැද්දක් හොයාගන්ඩ බැරි වුණා. මෙම විදුහල්පතිවරයා වැඩ බලන විදුහල්පතිවරයෙක් වුණත් ඔහුගේ පාසලට තිබූ කැපවීම ඉතාම ඉහල පරිමාවක තිබූ නිසා පාසල සංවර්ධනය වීම ඉතා කෙටි කලක් තුළ සිදුවුණා. ඒ නිසාම මෙම විදුහල්පතිවරයාට කලාප අධ්‍යාපන කාර්්‍යලයෙන්ද ලැබුණේ  ‘සර්ගේ වේගේ වැඩියි‘ වැනි ප්‍රතිචාර. මොකද විදුහල්පතිතුමා පාසලේ අධ්‍යාපන තත්ත්වය ඉහළ නැංවුවේ දේශපාලකයින් ඉසසර වැද වැටෙන්නේ නැතිවයි. එමෙන්ම මෙම පාසල රජයේ පාසලක්. රජයේ දේපළ විණා කිසිදු වෙනත් ආයතනයක දේපළක් පාසලට උදව්වක් වුණේ නෑ.නමුත් කලාප අධ්‍යක්ෂකවරයා දෙමව්පියන් කරපු ඉල්ලීම ඉස්සරහා පියවරක් ගත්තේ නෑ. නිහඩව සිටියා. ඒ වගේම වැඩකරන විදුහල්පතිවරුන්ගේ කකුලෙන් අදින තවත් නිලධාරීන් මීගමුව කලාප කාර්යාලය තුළ සිටිනවා. ඔවුන් නිසා තමයි අද මීගමුව අධ්‍යාපන කලාපයක් ලෙස ඉතා පහළ අගයක සිටින්නේ. මේ තත්ත්වයට ඔවුන්ට ගැට ගැසී සිටින දේශපාලකයින් ද වගකිව යුතුයි. ඔවුන්ගේ ද විිවධ උවමනා මේ හරහා ඉටුකරගන්නට උත්සාහා කරනවාද කියලාත් අපට සැකයක් තිබෙනවා.


ඡායාරූප – පාසලේ වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී

ඡායාරෑප -පාසලේ වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී

12963677_986468914767981_8800492257758985089_n 12994438_986468918101314_15241557673480090_n 13006541_986465908101615_6938586444757531671_n

Save

Save

Save

Save