ශා.පීතර විදුහල බිහිකළ සුපිරිතම ක්‍රිඩකයා පිළිගැනිමට සියල්ල සුදානම් !

0
125

dasun-shanaka-450x270මීගමුව ශා.පීතර මධ්‍ය මහා විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි දසුන් ශානක ක්‍රීඩාලෝලීන් විසින් හදුනාගන්නේ අවශ්‍යම අවස්ථාවල දැවැන්ත පහරවල් මගින් ලකුණු රැස් කල හැකි,හැකි ඕනෑම අවස්ථාවක කඩුළු දඩයමේ යෙදීමට හැකි තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙසය.499883-dasun-shanaka-bowl-traindasun-shanaka-450x270

තමන්ට යැයි කියා ක්‍රිඩා පිටියක් හෝ එයට අදාල පහසුකම් පවා නොතිබෙන තත්වයක් තුල පුහුණු කරු මෙන්ම අාදි ශිෂ්‍ය සංගමයේදි ගුරුවරුන් සහ දෙමව්පියන්ගේද උත්සාහයෙන් ගොඩනැගුණ ශා.පීතර විදුහලේ ක්‍රිකට් ක්‍රිඩාව දැන් ලොවට දායද කර ඇත්තේ T 20  ක්‍රිකට් ක්‍රිඩාවේ සුපිරිතමයන් තම අණසක ඉදිරියේ දණගැස්සු සුපිරිතම නායකයාවය.
ශා.පිතර විදුහලේ ක්‍රිකට් ගොඩනැගිමට දායක වු සියල්ලෝම අද මේ ලංකාව ලැබු සුපිරි ජයග්‍රහණයේ පංගුකාරයන්ය.
ඒ සෑබෑ ආඩම්බරයේ පංගුකාරයන් හෙට දිනයේ සිය සුපිරිතම විරයාව පිළිගැනිමට දැන් සියල්ල සුදානම් කරමින් සිටි.ත

ඔක්තෝබර් 16 වෙනිදා පෙරවරුවේ මීගමුවේ නගරයේදි පිළිගෙන රිය පෙරහැරිකින් පාසැලට කැදවාගෙන විත් ඒ සුපිරි උත්සවය පැවැත්වෙනු ඇත.

මෑත කාලීනව තේරීම් කමිටු තීරණ මගින් දැඩි ලෙස අසාධාරණයට ලක්වූ ක්‍රීඩකයන් කිහිපදෙනා අතරින් එක් අයෙකු ලෙසද දසුන්ව හැදින්වීමේ වරදක් නැත.
කණ්ඩායමේ ස්ථානයක් හිමිවූ බොහෝමයක් අවස්තාවල සිය කණ්ඩායමට සාධාරණයක් ඉෂ්ඨ කල දසුන් ජාත්‍යන්තර ලීග් තරගවලදී මෙන්ම දේශිය තරගවලදීද කැපී පෙනෙන දක්ෂතාවයන් පෙන්වීමට සමත් විය.dasun 1

එහෙත්  කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයන් දිගින් දිගටම අසාර්ථක වන විටවත් දසුන්ට අවස්ථාවක් ලබාදීමට තේරීම් කමිටුව උත්සහ නොකිරීම ඇත්තෙන්ම ප්‍රශ්ණාර්ථයක්ව පැවතියේය.dasun 2

ශ්‍රිලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වුන එක්දින ක්‍රිකට් තරගාවලියේ ලසිත් මාලිංගගේ හිස්තැන පිරවීමට දසුන්ව කණ්ඩායමට කැදවූවත් දෙවන තරගයේදී දසුන්ට අවස්තාවක් හිමිවුයේ නැත.Dasun Shanaka sets SL record for most Sixes in T20_6380f186-b75d-4258-96bf-b94ea5ac2b16

එකි  තරගාවලියේ තුන්වන හා අවසන් එක්දින තරගයේදී කණ්ඩායමේ ස්ථානයක් ලද දසුන් මේ වන විට තේරීම් කමිටුවට ටොකු පිට ටොකු අනිමින් සිටින ආකාරය අපට දැකගත හැකිය. පන්දුවට පහර දෙමින් කණ්ඩායමට අවශ්‍යම මොහොතේ පන්දු 14කින් ලකුණු 30ක් රැස් කල දසුන් තමන්ගේ සුපුරුදු පිතිහරඹයෙන් තේරීම්කමිටුව නිරුත්තර කිරීමට සමත් විය.
එපමණක් නොව එදා සිය පන්දුවෙන් කණ්ඩාමට දැඩි සාධාරණයක් ඉටු කරමින් සිටින දසුන් කඩුළුද දවා ගත්තේය.
කෙසේ හෝ තමන්ට අවස්තාවක් ලද අවස්ථාවේදී කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රිඩකයාගේ ස්ථානයට තමන් ගැලපෙන බව දසුන් මේ වන විට පුන පුනා ඔප්පු කරමින් සිටියි.
තුන්ඉරියව් ක්‍රිඩකත්වය පමණක් නොව ජේෂ්ඨ ක්‍රිඩකයන් නොගිය නිසාවෙන් පකිස්ථාන සංවාරයේදි විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය ලබා ලෝකයේ සිටින අංක ඒකේ කණ්ඩායම පරාජය කිරිම තරම් ශක්තියක් ඒ නායකත්වයෙන් පකිස්ථානයට ගිය යොවුන් කණ්ඩායමට ඇතැයි දැන් පෙන්වා හමාරය.
දසුන් අපි උඹට හුඟක් ආදරෙයි!
මිගමුවේ නමත් රටේ නමත් ඉහලින්ම උසවා තැබු දසුන්ට මිපුර අපේ සුභපැතුම් !