ශා.පේදුරුතුමාත් බ්ලාස්ට් වෙයි???

0
45

මීගමුවේ කිතුණු පාසැල් වලට පසුගිය කාලය තුල තදින් වැළදුනු රෝගයක් විය. එනම් walk සන්නියයි.පාසැලේ අරමුදල් සදහා යැයි කියමින් සල්ලි හොයන්නට මේ සන්නිය මුලින්ම ක්‍රියාත්මක වුයේ මරිය මව්න්ගේ නමින් කැප කර ඇති ආවේ මරියා පාසැලෙනි.
ආදර්ශමත් සංස්කෘතික ජිවිතයක් සිය දරුවන් හට උරුම කර දෙනු වෙනුවට සල්ලි හම්බ කිරිමේ උවමනාව නිසා හරසුන් ගිත කලාවක් උඩ දමමින් ආවේ මරියා පාසැලේ කන්‍යාසොහොයුරියක වු විදුහල්පතිණිය මේ සියල්ල වෙත ආශිර්වාදය දැත් ඔසවා දි තිබුණි.
මින් අනතරුව මෙතොදිස්ත බාලිකා පාසැල වු නිව්ස්ටඩ් විදුහලද මේ walk සන්නියට ෂෙට් විය. පාසැලේ දරුවන් වෙත ටීෂර්ට් එකක් කැප් එකක් ඇතුළු තවත් අයිතමයන් ඉහල මිළක් ගෙවා ලබාගන්නට එහිදි පාසැලේ දරුවන්ට සිදුවිය.
මේ සියල්ලට දෙවෙනි නොවන සේ දළුවකොටුවේ ලොයලා විදුහලද walk සන්නියය පෙරටු කොට ගෙන යමින් දෙම්ව්පියන් සියල්ල මේ walk සන්නියයට පෙර සිට කිලෝ මිටර් ගණන් ඇවිද්වන්නට කටයුතු සලසා තිබුණි.
ඒ අනිවාර්යය කර තිබු ටිකට් පොත් සියල්ල කෙසේ හෝ විකුණා දැමිම සදහාය.
මේ සියල්ල දෙස මහත් උපෙක්ෂාවෙන් බලා සිටි ශා.පේදුරුතුමන් දැන් තමන්වද බ්ලාස්ට් කරගන්නා තැනට පැමිණ තිබේ.
වෙළදාම ප්‍රමුඛ වු කළ සියල්ල විකුණනනවා හැර කළ හැකි අන්කිසිවක් නැත.කලින් සිටි විදුහල් පතිතුමන්ගේ කාලය තුල නම් මෙවැන්නක් සිදුවිමට තිබු ඉඩ ඇහිරි තිබුණි. එහෙත් සියල්ල පෙරහැරට ෂෙට් වි තිබේ.
මීගමුවේ කිතුණු ලේබලය ඇලවු පාසැල් සියල්ල සිය දුත මෙහෙවර වෙළදාම බවට පත්කරගෙන තිබේ.
එහෙත් මාරිස්ටෙලා විදුහල යම් පමණකට හෝ සිය දරුවන් හට කිසියම් ආදර්ශමත් සංස්කෘතික ජිවිත යොමුවක් සදහා උත්සහායන් කිපයක් ගෙන තිබුණි.
මේ සටහන නිමකරනු ලබන්නේ මේ කලාපයේ පළමු කිතුණු ජාත්‍යන්තර පාසැලට ගොස් තිබෙන කලදාසාව ගැන වචනයක් සටහන් කරමිනි.
එය එහෙම පිටින්ම පාලනය වනුයේ සුදු ලෝගුවක් ඇගලාගත් වෙළෙන්දෙකු විසින් වන බවය.peters