ශා.මාටින් ද ෆෝරස් විදුහලේ විදුහල්පතිට අපචාර චෝදනා

0
569

 

වෙන්නප්පුව ප්‍රදේශයේ   පාසලක් වන  ශා.මාටින්ද ෆෝරස් විදුහලේ දෙමව්පියන් පිරිසක් විසින් එම විදුහලේ විදුහල්පතිවරයාට එරෙහිව  ලිඛිත පැමිණිල්ලක් වෙන්නප්පුව කොට්ඨාශ අධයාපන කාර්යාලට හා වෙන්නප්පුව පොලීසිය වෙත බාරදී තිබේ. මෙම පැමිනිල්ලේ සඳහන් පරිදි එම විදුහල්පතිවරයා විසින් පාසලේ දැරිවියක් අයුතු ලෙස අපචාරයට ලක්කොට ඇති බව සදහන් කර ඇති අතර, මෙම සිද්ධිය  දුටු සිසුවියන් දෙදෙනෙකු  අෙගා්ස්තු 31 වනදාවෙන්නප්පුව පොලීසියට කටඋත්තර  දී ඇති බව වාර්තා වේ.  මෙම වාර්තා කිරීම් වලින් පසු එම විදුහල්පතිවරයා පාසලට පැමිණ නැති අතර තවමත් අත්අඩංගුවට ගෙන නොමැති බවද වාර්්තා වේ. මෙම සිදුවීම් පොලීසියට නොයෑම සදහා පසුගිය කාලයේ මෙම විදුහල්පතිවරයා පාසලේ ළමුන්ගේ දෙමාපියන්ට විවිධාකාරයේ තර්ජන ද සිදුකර ඇති බව වාර්තා වේ. මෙම විදුහල්පතිවරයා මෙම පාසලට පැමිණිමට පෙර සේවය කළ පාසල් දෙකකදීම මෙවැනි සිදුවීම් සිදුවී ඇති බවට දෙමාපියන් වාර්තා කරන අතර,රු මාරුවීම් හැරෙන්නට  ඔහුට නිසි දඩුවම් ලැබී නොලැබීම් මෙවැනි ක්‍රියා දිගටම සිදුවීමට හේතුවක් බව ඔවුන් පෙන්වා දෙති.

a-letter