ශිෂ්‍යත්ව ගුරා සමාව ගනි ! වැඩේ වැරදි බව පිළිගනියි !

0
336

දුන්ගාල්පිටිය දේවස්ථානය ඉදිරිපිට, කිසිදු පෝස්ටරයක් අලවා නොතිබුණු බස්නැවතුම් පොලේ තම ශිෂ්යත්ව පන්ති පිලිබදව ප්රචාරය කිරීම සදහා අලවා තිබූ පෝස්ටර් එහි අයිතිකාරු විසින් තමා කලේ වරදක් බව පිළිගනිමින් එවා ඉවත් කර ඇත. ඒ ගැන මම ඔහුට ස්තූතිවන්ත වෙමි.
එහෙත් තවමත් ඔහුගේ පෝස්ටර් තුනක් දුන්ගල්පිටිය රජයේ විදුහලේ තාප්පයේ අලවා ඇති බව කනගාටුවෙන් මතක් කරන බවට සටහනක් අරුණ ශාන්ත නෝනිස්ගේ ෆේස් බුක් පිටුවේ සටහන්ව තිබේ

පෝස්ටර් ඉතා ආකර්ශනීය දැන්වීම් මධ්යයක් බව පිලිගන්නා අතර පෝස්ටර් මුද්රණය කර ඇලවීමට අපේ රටේ ජනතාවට ඇති අයිතිය ඉතා ඉහලින් පිලිගන්නා මම මෙහිදී මතුකර පෙන්වූයේ එහිදී අප පවත්වාගෙන යායුතු විනය පිලිබදව පමණක් බවද අරුණ වැඩිදුරටත් සිය සටහනේ දක්වා ඇත

වෙනත් පුද්ගලයින් සහ දේශපාලන කණ්ඩායම් මේ විනය කඩකරන්නේ නම් මම එවැනි අවස්ථාව දීද මගේ පුරවැසි හඩ අවදි කරමි යැයි ඔහු අවධාරණය කර තිබේ

කෙසේ වෙතත් ටියුෂන් ගුරුවරුන්ගේ විනය ගැන මේ දිනවල සමාජ මාධ්‍ය තුලද පුලුල් සංවාදයක් මතුව තිබේ. මේ බොහොමයක් දෙනා අතර ඇත්තේ මුදල් හා තවත් දේවල් පසුපස හඹා යෑමේ තරඟයකි

(ඡායා- අරුණ ශාන්ත නෝනිස්ගේ ෆේස් බුක් පිටුවෙනි )