ශුරතාව සීදුවට අනු ශුරතාව අමුණුකුඹුරට

0
50
sports-2

බුද්ධි ඌනතා සහිත වූවන්ගේ සංගමයේ අධීක්ෂණය සහ මෙහෙයවීම මත සුමඟ පුහුණු පාසල සංවිධානය කළ බුද්ධි ඌනතා වූවන් අතර පැවති ඕවර් 10 ක්‍රිකට් තරගාවලියේ සූරතාව සීදුව වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන කණ්ඩායමට හිමි විය.

එහි අනු සූරතාවය දිනා ගත්තේ අමුණුකුඹුර වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන කණ්ඩායමයි.

තරගාවලියට කණ්ඩායම් 11 ක් සහභාගි වූ අතර තරගාවලිය දෙහිවල සරණංකර පාරේ නගර සභා ක්‍රීඩාංගණයේ දී පැවත්විණි. විශේෂ අවශ්‍යතා සහිත බුද්ධි ඌනතා සහිත ප්‍රජාව ඉතා උනන්දුවෙන් තරගාවලියට සහභාගි වූ අතර එම කණ්ඩායම් සතුටට පත්  කිරීම පිණිස තරග සංවිධායකයන් විශාල උනන්දුවක් ගෙන තිබිණ.

පළමු ඡායාරූපයේ සූරතාව දිනා ගත් සීදුව වෘත්තීය පුහුුණු මධ්‍යස්තාන කණ්ඩායම් නායකයා බුද්ධි ඌනතා වූවන්ගේ සංගමයේ සභාපති ආනන්ද විජේරත්න මහතා අතින් කුසලානය ලබා ගත් අවස්ථාව දැක්වෙන අතර දෙවන ඡායාරූපයෙන් දැක්වෙන්නේ අනු සූරතාවය දිනා ගත් අමුණුකුඹුර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නායකයා සහ උප නායකයා තමන්ට හිමි කුසලානය  එම මහතා අතින්  ලබා ගත් අවස්ථාවයි.

 colombopost.net