ශු.අන්තෝනි මුනිදුන්ගේ රත්තරන් හොරු ලේ වලින් මාට්ටු වෙයිද?

0
365

කතෝලික හා අන්‍යය ආගමිකයින්ගේද භක්ති ආදරයට පාත්‍රව පුද පුජා ඇදහිලිවලට ලක්වු මිගමුව දළුපත දේවස්ථනයේ වඩමවා තිබු ශුද්ධවූ  අන්තෝනි මුනිදූන්ගේ ප්‍රතිමාව හා එහි පළදවා තිබු රන් මාල 15ක් සොරකම් කලේ යැයි කියන සිද්ධියට චෝදනා ලැබ සිටි සැක කරුවන් දෙදෙනෙකුගේ රුධිර සාම්පල් ලබා ගෙන ඩි එන් ඒ පරික්ෂාවට ලක් කිරිම සදහා ලබන 25 දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කරන ලෙස මිගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියොග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත වුයේ දළුපත ප්‍රදේශයේ පදිංචි කුරුකුලසුරිය ප්‍රියන්කර නදීෂ කැළුම් හා ජයසිංහ මුදියන්සේලාගේ නිලංග යන පුද්ගලයින් දෙදෙනායි
පසු ගිය ජුනි 29 දින රාත්‍රිෙය්දී මෙම සොරකම් සිදූකර ඇති අතර අපරාධය සිදූකර තිබු ස්ථානයේ නිබි සොයා ගන්නා ලද ලේ සම්පල් දැනට බොරැල්ලේ ජින්ටෙක් ආයතනයේ ආරක්ෂිතව තබා ඇති බවත් එම රුධිර සාම්පල් වල අඩංගු ඩි. එන්. ඒ. වාර්තා සමග සැසදේ දැයි සොයා බැලීම සදහා මිගමුව පොලීසිය අධිකරණයෙන් අවසර ගන්නා ලදී.

ප්‍රියපේම මාණික්කරත්න