ශ‍්‍රීලනිප සංවිධායකයන් 183ක සහය හංසයාට ?

0
44
slfp-logo .ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කරවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන සංවිධායකවරුන් 183 දෙනෙකු සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පවසන බව විමල් වීරවංශට අයත් ලංකා සි නිව්ස් වෙබ් අඩවිය සදහන් කර තිබේ.

එම පෙරමුණේ ලේකම් රජික කොඩිතුවක්කු මහතා සඳහන් කරන්නේ මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂව කොටස් 3කට වෙන් වී ඇති බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන් පොදුජන පෙරමුණ සහයෝගය දීමට එකතු වූයේ ද තනතුරු සහ වරප්‍රසාද සඳහා පමණක් බවද ඔහු පැවසීය.

කෙසේ වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන් රාජපක්ෂවරුන්ට කැමති නැති බවත් ඔවුන් පරාජය කිරීමට තමන් එම පිරිසට නායකත්වය දෙන බවත් ලේකම්වරයා පැවසු බව ලංකා සි නිව්ස් වෙබ් අඩවිය විසින් තවදුරටත් වාර්ථා කොට තිබේ.