ෂුඩෝල් කරල් ලක්ෂයක් මීගමුවෙන් අල්ලති

0
254

මීගමුව සහකාර පොලිස් අධිකාරි ආනන්ද අල්විස් මහතා ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වු පොලිස් පරික්ෂක අරවින්ද මහතා ඇතුළු කණ්ඩායම විසින් පිළියන්දල සිට මීගමුවට යතුරු පැදියකින් ගෙන එමින් තිබුන ෂුඩොල් කරල්  ලක්ෂයක පමණ ප්‍රමාණයක් අත්ඩංගුවට ගෙන ඇත.
මීගමුව තුල වංසගතයක් මෙන් පැතිර යමින් ඇති මත්පෙති වසංගතය මර්ධනය කිරිම සදහා මසක් පමණ කෙටි කාලයක් තුල ක්‍රියාත්මකව ඇති මීගමුව පොලිස් අධිකාරි කාර්යාලය මේ වන විට ස්ථාන රැසකින් ෂුඩොල් මත්පෙති අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පෙති පරික්ෂාව සදහා ගම්පහ දිස්ත්‍රික් ආහාර හා ඔෘෂධ පාලක නිළධාරි එච් . පියරත්න මහතා මෙම අවස්ථාවට පැමිණ සිටියේය.