සංගීත සංදර්ශනය අවසානයේදී පොලු ප්‍රහාරයක්

0
160

පසුගිය 10 වනදා  මීගමුව බීච් පාර්ක් හී තිබූ  සංගීත සංදර්ශනයක්  නැරඹිමට ගිය පිරිසක් අතර  කලහයක් ඇති වී ඇති අතර එම නිසා පුද්ගලයන් 12 දෙනෙකුට  පමණ තුවාල සිදුවී තිඛේ.  රෝහල් ආරංචි මාර්ග අනුව මෙම සිදුවීමෙන් එක් පුද්ගලයෙකුට අසාධ්‍ය මට්ටමට තුවාල සිදුවී ඇති අතර  ඔහුව කොළඹ ජාතික රෝහලට ගෙනගොස් ඇත.
මෙම ගැටුමට  මුල්වී  ඇති පිරිස 25 දෙනෙකු පමණ පිරිසක් වන අතර  එක් පිරිසක්  පොලු රැගෙන විත් තවත් පිරිසකට පහරදී හෙල්මට් එකකින් ද පහරදීමක් සිදුකර ඇති බව  මීගමුව රෝහල් පොලිස් වාර්තා සදහන් කරයි.තුවාල ලබා මීගමුව රෝහලේ 6 වන වාට්ටුවේ  ප්‍රතිකාර ලබන  ගයාන් , සංජීව  යන  දෙදෙනා  පවසා සිටි අයුරු
” අපි හිටිය තැනට ඇවිල්ලා ඒ අය අපිට කිසිම හේතුවක් නැතිව ගහන්න පටන් ගත්තා. මුලින් කටින් කට ගියා. උණ පොල්ලකින් ගැහුවා. ආරංචිය හැටියට දළුපත පැත්තේ කට්ටියක් කියලයි කියන්නේ. ඒ කට්ටිය බීලා තමා හිටියේ.”musical show