සංචාරකයන් තවමත් ඩෙංගු ගැන සිරුවෙන් ?

0
100

travel_928pxජූලි මාසෙයේ දී උත්සන්නවූ   ඩෙංගු උණ වසංගතය ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට සෘජුවමම බලපෑවේය. යුරෝපයේ රටවල් බොහොමයක ලංකාවේ සංචාරය කිරීමේදී ඩෙංගු සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස දන්වා තිබුණි. මේ හේතුකොටගෙන ලංකාවේ සංචාරය කිරීමට යොදා තිබූ සංචාර රාශියක් විදේශිකයන් විසින් නැවත අවලංගු   කරන්නට යෙදුණ අතර  ලංකාවේ සංචාරය කළද තෝරාගත් ප්‍රදේශ තුළට සිය සංචාරයන්  සීමා කර තිබුණි. මේ අතර මේ වනවිටත් විදේශිකයන් සිය සංචාර අවලංගු කිරිමට  පියවර ගෙන  තිඛෙන බව වාර්තා වේ.
විදේශිකයන්ගේ පැමිණෙිමේ අඩුවක් සංචාරක ක්ෂේත්‍රය තුළින් මේ වනවිටත් වාර්තා වෙයි.   විදේශිකයන් කලින්  ලංකාවේ  යොදාගත්  සංචාර තවමත් කල්දමමින් සිටින බව විදේශ සංචාර සංවිධානය කරන ආයතන වල   තොරතුරු ආශ්‍රයෙන්  පෙනී යයි.
ඩෙංගු වසංගතය රටේ  පොදු ජනතාවගේ ජනජීවිතයට මෙන්ම  රටේ ආර්ථිකයට  දැඩිවම බලපා ඇති බවට ප්‍රබල සාධකයක් ලෙස සංචාරක ක්ෂේත්‍රය තුළ ඇතිවී ඇති වෙනස්වීමෙන් පෙනී යයි. එබැවින්  අගොස්තු මාසය තුළ ඩෙංගු අඩුවී ඇතැයි කියා නැවත සියල්ල  පරණ තත්ත්වයට ගියෙහොත් පසුගිය මාස වල ඩෙංගු මර්ධනය සදහා ගත් මහන්සිය සියල්ල අපතේ යෑම වැලකිය නොහැක.

1 2