සංචාරකයින්ට සහ සංචාරක කලාපයේ ජනතාවට මතට තිත නැත – බැසිල්ගෙන් බාර් ලයිසන් ?

0
86

ආර්ථික සංවර්ධන සහ සංචාරක  අමාත්‍ය බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින්  මීගමුව සංචාරක කලාපය තුළ පවත්වාගෙන යන ප්‍රා.ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී ඇති ව්‍යාපාරිකයන් හට  අවන්හල් සදහා සහන වැඩසටහන  යටතේ  2011 වසරේ  සිට මත්පැන් අළෙවි සහතික ලබාදීමට විශේෂ අවසරයක් ජනාධිපතිතුමාගෙන්  ලබාගෙන ඇති අතර එම යෝජනාව බස්නාහිර පළාත්සභා මන්ත්‍රී නිමල් ලාන්සා විසින් ගෙනෙ ආ යෝජනාවක් ෙලසද  මීගමුව සංචාරක සංගමය විසින් 2011-12-06 නිකුත් කර ඇති ලිපියක සදහන් වේ. මෙම වැඩසටහන යටතේ මත්පැන් අළෙවි සහතික ලබාගැනීමට හැකි ව්‍යාපාර හදුන්වා ඇති, සංචරක නිකේතන හා අවන්හල්, පබ්, ගෙස්ට් හවුස්, කුඩා පරිමාන හෝටල්,උත්සව ශාලා,  බස්නාහිර පළාත් සභාව / සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අනුමැකිය යටතේ ලියාපදිංචි විය යුතුය. මෙම අලුත් නීතිය යටතේ මත්පැන් අලෙවිකිරීමේ  සදහා සීමාරහිත අවසරයක් ලැබෙන අතර මහින්ද චින්තනයේ ඇති මතට තිත සංකල්පයට කුමක් සිදුවේ ද ?