සංචාරක කර්මාන්තයට අපකීර්තියක් ! මැර කුලි රථ රියදුරෝ මීගමුවේත් ? ( විඩියෝ )

0
80

tourism

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයට මෙන්ම සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට කුලී රථ රියදුරන් විශාල දායකත්වයක් දක්වයි.
එහෙත් ඇතැම් කුලී රථ රියදුරන් නිසා මෙරට සංචාරක ක්ෂේත්‍රය ලොව පුරා අපකීර්තියට පත්වන තත්ත්වයක් දැන් උද්ගතවී තිබේ.
මේ අනාවරණය එවන් පිරිසක් ගැනයි.
ජංගම දුරකථන යෙදවුම් හරහා ඇණවුම් කෙරෙන කුලී රථ සේවා ,ලොව බොහෝ රටවල මෙන්ම අපේ රටේත් ජනප්‍රියයි.
නිශ්චිත සහ පහසු මිල ගණන් පැවතීම,රියදුරන්ට ආයතනික වගකීමක් ඇති නිසා ආරක්ෂාකාරී ගමනක් සැපයීම වැනි කරුණු නිසා එම සේවා විශ්වසනීය හා ඵලදායී වන බව නගරබද බොහෝ දෙනා පවසන්නේය.
එලෙස කොළඹ සිට වෙනත් ප්‍රදේශවලට කුලී ගමන් යන රියදුරන් බොහෝ විට යළි කොළඹට පැමිණෙන්නේ තවත් කුලී ගමනක් ලබාගනිමින්.
මෙලෙස කොළඹින් පිට නගරවලින් කුලී ගමන් ලබාගැනීමේදී එම ප්‍රදේශවල ත්‍රිරෝද රථ රියදුරන් ඇතුළු සාමාන්‍ය කුලී රථ රියදුරන් මෙම සේවා සපයන්නන්ට තර්ජනය කරන අවස්ථා රැසක් පසුගිය කාලයේ වාර්තා විය.
එවැනි සංවිධානාත්මක පිරිසක් කටුනායක ගුවන්තොටුපළ අසලදී රියදුරන්ට තර්ජනය කරන ආකාර ද පසුගිය දා දැක ගත හැකි විය.
මෙවන් සිදුවීම් මහනුවර, දඹුල්ල, මීගමුව ඇතුළු දකුණු පළාතේ ස්ථාන රැසකින්ද වාර්තා විය.
මෙහි තවත් ඛේදනීය තත්ත්වයක් නම් මෙරටදී ජංගම දුරකථන ඇප් හරහා කුලී ගමන් සේවා ලබාගන්නේ ශ්‍රී ලාංකිකයන් පමණක් නොවීමයි.
රියදුරන් තර්ජනයට ලක්වූ ඇතැම් අවස්ථාවලදී එම සේවා ලබාගෙන තිබුණේ විදෙස් සංචාරකයින්.
විදේශිකයින් මෙවන් සිද්ධිවලට නිතර මුහුණදෙන්නේ නම් ශ්‍රී ලංකාව පිළිබඳ ලොව පුරා සංචාරකයන්ට ඇතිවන ආකල්පය කෙබඳුද?
පාරිභෝගිකයාට ඉහළ සේවාවක් ලබාදී විශ්වාසය දිනාගැනීම වෙනුවට සංවිධානාත්මක ලෙස චණ්ඩිකමින් ක්‍රියා කරන මෙවන් කල්ලිවලට තවදුරටත් අවස්ථාව දිය යුතුද?

බලධාරීන්ගේ අවධානය පිණිසයි.
( අද දෙරණ)