සංචාරක කර්මාන්තය නිසා මීගමුව තුළ AIDS පැතිරීමේ අවදානමක්

0
76

 

පිරිමි සමලිංගිකයන් අතර HIV සහ එඞ්ස් රෝගය පැතිරීම වැලැක්වීම අරමුණු කොටගෙන
දැනුවත්කිරීමේ    විශේෂ වැඩමුලූවක් මීගමුවේ පැරඩයිස් බීජ් හෝටලයේදී පැවැත්විණි.

මෙහිදි  පුරුෂ පාර්ශවය අතර සිදුවන සමලිංගික සේවනය නිසා  HIV ආසාධනය වීම සහ ඒඩ්ස් රෝගය  බෝවීමේ හා පැතිරීමේ දැඩි අවදානම්කාරී තත්ත්වයක් මීගමුව  ප්‍රදේශය  තුළ වර්ධනය වෙමින් පවතින බවට අදහස් ඉදිරිපත් විය.

මෙම  HIV/එඞ්ස් පැතිරීම හා නිවාරණය සඳහා ‍‍ක්‍රියාත්මක ව්‍යාපෘතියක් වන මෙම වැඩසටහන  ඇ.ඩො. මිලියන 12.7ක  ප්‍රතිපාදන  යටතේ ක‍්‍ ක්‍රියාත්මක වන අතර එය   ශ්‍රි ලංකාවේ  දිස්ත්‍රික්ක  5ක  ක්‍රියාත්මක  වෙමින් පවති. ගම්පහ දිස්ත්‍රික්කයද  මෙම වැඩසටහන  සදහා තෝරාගෙන ඇත.

අද මීගමුවේදී පැවැත්වූ මෙම වැඩසටහන  ගම්පහ දිස්ත්‍රික්කය තුල  පවත්වන   ප්‍රථම වැඩ මුළුව වන අතර මෙම වැඩමුළුව සංවිධානය කරන ලද්දේ මීගමුව රෝහලේ  ලිංගාශ්‍රිත  රෝග ඒකකය විසින් සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාව සඳහා  ප‍ළාත්  සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ලින්ටන් පද්මසිරි මහතා, මීගමුව රෝහලේ විශේෂඥ වෛද්‍ය ඉරේෂ් එස් දසනායක, රාගම රෝහලේ ලිංගාශ්‍රිත ඒකකයේ විශේෂඥ වෛද්‍ය ජයාදරී රණතුංග ,මීගමුව රෝහලේ ලිංගාශ්‍රිත ඒකකයේ  විශේෂඥ වෛද්‍ය මහේෂ් රත්නායක, මීගමුව රෝහලේ ලිංගාශ්‍රිත ඒකකයේ වෛද්‍ය නිලධාරී ලයනල් අලහකොන්,  වෛද්‍ය ජයන්ත සිරිවර්ධන,  සහ   පවුල් සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂකවරිය, මීගමුව ප්‍රාදේශිය  ලේකම් ඇතුළු ප්‍රාදේශිය
ලේකම්වරුන්, රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරින්  ඇතුළු  ඒඞ්ස් සහ ලිංගාශිත  රෝග වැලැක්වීම සදහා කටයුතු කරන සමාජ කණ්ඩායම් ද සහභාගී වී සිටියහ.

මෙම වැඩසටහන මගින් ඉදිරියේදී  මෙම  ප්‍රදේශය තුළ සංචාරක කර්මාන්තය ආශ්‍රිතව කියාත්මක වන Beach Boys   වැනි  ඉලක්ක ගත කණ්ඩායම් දැනුවත් කිරීමට ඉදිරියේදී සුවිශේෂී වැඩසටහන් කිහිපයක්ම පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එම වැඩසටහන් වලදී ම කොන්ඩම් භාවිතය, ඒඩ්ස් රෝගය පිලිබඳ දැනුවත්කිරීම, ප්‍රතිකාර කිරීම කරුණු වාර්තා කිරීම ඇතූලූ වැඩසටහන් ක‍්‍ ක්‍රියාත්මක කිරිමට  නියමිත බව මෙහිදී දැනුවත් කෙරිණි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here