සංචාරක කුරුල්ලෝ

0
973

f8f4c1a00f5873e1b2980214071650ee

ප්‍රජනන සමය හා ශීත සෘතුව අතර කාලය තුලදී ලොවපුරා විශාල පක්ෂීන් ප්‍රමාණයක් විවිධ ප්‍රෙද්ශයන් කරා සංක්‍රමණය වීම සිදුවෙනවා.
මේ ආකාරයෙන් සිදුවෙන සංක්‍රමණයන් නිසා පක්ෂීන් විශාල ප්‍රමාණයක් මරණයට පත්වීම සිදුවෙන අතර එම මරණයන්ට හේතු වන්නේ මිනිසුන් විසින් දඩයම් කිරීම හා පක්ෂීන්ගේ ආහාර හිග වීම බවයි පරිසර විද්‍යාඥයින්ගේ මතය වන්නේ.අතීතයේ රචිත මූලාශ්‍රයන්ට අනුව මීට වසර 3000කට පමණ පෙර සිටත් පක්ෂීන් මේ ආකාරයෙන් සංක්‍රමාණය වීම පිලිබදව දත්ත පවතිනවා.

ප්‍රධාන වශයෙන්ම මෙම පක්ෂි සංක්‍රමණයන් සිදුවන්නේ උතුරු අර්ධගෝලයේ සිට දකුණු අර්ධගෝලය දක්වා වන අතර ආහාර පවතින ප්‍රමාණය,දේශගුණය වැනි හේතූන් මත සිදුවන ඇතැම් සංක්‍රමණයන් ඇතැම් අවස්ථාවන් වලදී සත්‍ය නොවන සංක්‍රමණයන් ලෙසත් හදුන්වන අවස්ථාවන් පවතිනවා. ඊට ප්‍රධානම හේතුව වන්නේ  එම  සංක්‍රමණයන් සිදුවන්නේ එක් දිශාවකට පමණක් වීමයි.

මේ වන විට වාර්ථා වන ආකාරයට ලොව පුරා පක්ෂීන් වර්ග 10000කට අධික ප්‍රමාණයක් ජීවත් වන අතර ඉන් පක්ශීන් වර්ග 1800ක් පමණම ඉතා විශාල දුර ප්‍රමාණයක් සංකුමණය වන පක්ෂීන් ලෙස වාර්ථා වනවා. ඉන් ඇතැමුන් උතුරු අර්ධගෝලයේ සිට දකුණු අර්ධගෝලය දක්වා සංක්‍රමණය වූ අවස්ථාවන් පිලිබදවද වාර්ථා පවතිනවා.

පහත දැක්වෙන සිතියමෙන් දිස්වන්නේ  ලොවපුරා පක්ෂීන් සංක්‍රමණය වන කලාපයනුයි.


චින්තිකා මිතිලායා
අන්තර්ජාලය ඇසුරින්