සංචාරක පොලිසිය තියෙන්නේ සංචාරයකයන්ටද නැතිනම් බිච් පාක් එකටද ?

0
56

beach prk 1ඒත්තුකාලේ සංවාරක පොලිසියේ ක්‍රියාකාරිත්වය ගැන පසුගිය දින කිපය තුල අවස්ථා කිපයදිම විවිධ පැමිණිලි අප වෙබ් අඩවිය වෙත ගලාඑන්නට පටන් ගෙන තිබේ.
ඒවායේ මුලික අදහස වි තිබුනේ ඇත්තටම සංචාරක පොලිසිය නමින්  විශේෂ පොලිස් ඒකකයක් මේ සංචාරක කලාපය තුල ස්ථාපිත කිරිමේ ප්‍රධාන අරමුණ කුමක්ද යනුවෙනි.
අප අමතා කථා කළ බොහෝ අයගේ මතය වි තිබුනේ පසුගිය කාලය තුල සංචාරක පොලිසිය සිය කාලයෙන් වැඩි ප්‍රමාණයක් බිච් පාක් එකට සහ ඒ හා සම්බන්ධ තවත් බොහෝ දැ වෙනුවෙන් යෙදවිම ගැනය.මේ හේතුව නිසාවෙන් ඇත්තටම එය ස්ථාපිත කරන්නට යෙදුන ප්‍රධාන අරමුණ ඉන් ගිලිහි යමින් පවතින බවය.
මීගමුවේ බොහොමයක් ආයතන ලංසා පවුලේ ග්‍රහණයට අසුවි තිබෙන අයුරින්ම සංචාරක පොලිසියටද ඒ  ඉරණමම අත්ව ඇතැයි සංචාරක පුරවරයේ සිටින  බුද්ධිමත් ව්‍යාපාරිකයන් බොහෝ දෙනෙකු විවේචන ඉල්ල කරන්නට පටන් ගෙන තිබේ.