සංචාරක ව්‍යාපෘති නිසා විනාශ වන ධීවර කර්මාන්තය

0
368

සංචාරක සංවර්ධනය මුවාවෙන් තමන්ගේ ගෝලබාලයන්ගේ සන්තෝසය  වෙනුවෙන් අහිංසක ධීවර ජනතාවගේ ධීවර කූඩාරම් වාඩි ‘අනවසර ඉදිකිරීම්‘  ලෙස නම් කිරීමට තරම් පහත් තත්වයට රටේ වගකිවයුතු රාජ්‍ය  ආයතන පත් වී ඇත.

දුප්පත් අය සදහා නිවාසද ධීවර කුඩාරම් වාඩි ද සංචාරක හෝටල් ආශ්‍රිතව වෙරළ භාවිතා කිරීම සිදු වේ. නමුත් 2004  සුනාමියෙන් පසු වෙරළ ආරක්ෂාව සදහා මීටර 100 ආරක්ෂිත කලාපයක් නම් කෙරිනි.
ඒ අනුව ඒම ප්‍රදේශය තුළ කිසිදු ඉදිකිරීම් කටයුත්තක් සිදු නොකල යුතු බවට වෙරළ ආරක්ෂක අධිකාරීය මගිනි.  නීති පනවන ලදි. නමුත් මේ වනවිට එම නීතිය නොසලකා සංචාරක හෝටල් සදහා ඉදිකිරීම් කටයුතු වලට ඉඩ ලබා දීමට වෙරළ සංරක්ෂන අධිකාරිය පියවර ගෙන  ඇත. ධීවර කටයුතු පමණක් වෙරළෙන් ඉවත් කිරීමට මෙම අයතනය ක්‍රියා කරමින් සිටි.

පාරම්පරික ධීවර කර්මාන්තයෙන් යැපෙන සුලු පරිමාන ධීවර කාර්මීකයින් වෙරළ ආශ්‍රිතව ජිවත් වේ.ඔවුන්ගේ ප්‍රධාන ජීවන මාර්ගය ධීවර රැකියාවයි. ඒ සදහා තිබෙන පාරම්පරික තොටුපොලවල් හා කුඩාරම් වාඩි සුනාමියෙන් පසුව පවා ඉවත් නොකලේය.
නමුත් මෙම ප්‍රදේශ ආශ්‍රිතව සංචාරක කර්මාන්තය හා කුඩා පරිමානයේ හෝටල් සදහා වෙරල ලබා ගැනීමට ධීවර තොටුපලවල් ,වාඩි කුඩාරම් ඉවත් කිරීමට බලධාරින් පියවර ගෙන ඇත.මෙයින් පෙනී යන්නේ විශාල ප්‍රමානයකගේ දිවි රැකෙන ධීවර කර්මාන්තයට වඩා පටු අරමුනු වෙනුවෙන් ප්‍රමුඛතාවක් ලබා දී ඇති බවයි. මෙයින් පැහැදිලි වන්නේ සංචාරක ව්‍යාපාර නාමයෙන් ධීවර ජනතාවගේ පාරම්පරික බිම් (වෙරළ) බලෙන් ලබා ගැනීමටයි. මෙම තත්වය දැනට විවිධ ප්‍රෙද්ශ වල තිබෙන අතර මීගමුව නම් පාරම්පරික ධීවර පුරවරයටත් බලපැම් එල්ල වී ඇත.

මීගමුව පලගතුර වෙරලේ පාරම්පරික ධීවරයන්ගේ ධීවර කුඩාරම් වාඩි සංචාරක කර්මාන්තය මුවාවෙන් ක්‍රියාත්මක වෙන හෝටල් තානායම් හි අවශයතා සදහා ඉවත් කිරීමට රජයේ ආයතන ද අනුබල දී ඇත.  ඒම හෝටල් හී අයිතිකරුවන් අහිංසක ධීවරයින් හට වෙරල සංරක්ශන අධිකාරිය හරහා නඩු දමා ඇති අතර , යුක්තිය සාධාරණත්වය හමුවේ  ධීවරයන් තම අයිතීන් දිනා ඇත.නමුත් තවමත් මෙම ගැටලුව හමාර නැත.IMG_6474

ධීවරයන් පවසන අන්දමට වෙරල ඔවුන්ගේ දෙයක් බවත් සංචාරක කර්මාන්තය දියුනුවට වෙනුවෙන් ඔවුන්ගේ අකමැත්ත නැති බවත් පාරම්පරිකව එන ඔවුන්ගේ ධීවර කර්මාන්තයට බලපැම් නොකරන ලෙස ඔවුන්ගේ ඉල්ලීමයි.
ඒ අතර වෙරළ සංරක්ෂණ අධිකාරියේ  වගකීම තම වෙරළ ආරක්ෂා කර දීම බවත් ඒ වෙනුවෙන් කටයුතු කරන ලෙසත්  ඔවුන් තව දුරටත් ඉල්ලා සිටි.
IMG_6465IMG_6459

– දිල්ෂාන් තිසේරා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here