සංචාරක විසා වලින් මැලේසියා යන්න පැමිණි පිරිසක් ගුවන් තොටේදි මාට්ටු …

0
339

සංචාරක වීසා මාර්ගයෙන් විදේශ රැකියා සඳහා පිටත්වීමට අදාල විවිධ සිමාවන් පනවා තිබුණද රැකියා එජන්සිකරුවන් විසින් විවිධ බෝරුකථා කියමින් සිය මඩිය තරකර ගැනිම සදහා මේ ජාවාරමේ තවදුරටත් නිරත්ව සිටි.

මේ ආකාරයෙන් රට යැමට පැමිණ තිබුන 9 දෙනෙකුගෙන් යුත් පිරිසක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙදි රඳවාගෙන තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ මැලේසියාවේ සංචාරය සඳහා යාමට පැමිණි 14 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලාංකිකයින් පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී පරීක්ෂා කිරීමේදී, ඉන් 09 දෙනෙකු සංචාරක වීසා මගින් මැලේසියාවේ රැකියා සඳහා යෑමට උත්සහ කර ඇති බව හෙළිවූ බවය.

කාන්තාවන් සිව් දෙනෙකු හා පිරිමි පුද්ගලයින් පස් දෙනෙකු මෙම පිරිසට අයත් ය.

මෙම පිරිස මැලේසියාවට රැගෙනයෑමට ජාවාරම්කරුවන් උත්සහ කර තිබේ.

ගුවන් තොටුපොළේදී, ඔවුන් සංචාරක වීසා මගින් විදේශ ගතවීම පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙම වංචාව පිළිබඳව කරුණු අනාවරණය වී තිබේ.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම පිරිස කාර්යාංශයේ විමර්ශන අංශය වෙත යොමුකර ඇති අතර, මෙම ජාවාරම මෙහෙයවූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන අංශය විසින් ඉදිරි විමර්ශන මෙහෙයවනු ලබයි.

මිගමුව ප්‍රදේශයේද ඇතැම් තරුණ පිරිස් සිය විවාහයේ දෙවනි ගමන මැලේසියාවේදි සැමරිමට යොදා ඇතැයි කියමින්ද සංචාරක විසා මගින් පිටව ගොස් ඇති සිදුවිම්ද පසුගිය දිනවල වාර්තා විය.
ඇතැම් ජාවාරම්කරුවන් විසින් මැලේසියාවට යැවිමට රු ලක්ෂ 5 ක් අය කරන බවද වාර්තා වේ