සංචාරක විසා වලින් මැලේසියා ගිහින් අමාරුවේ වැටෙන්න එපා !

0
583

සංචාරක වීසා මගින් මැලේසියාවට ගොස් එම රට තුළදී සංචාරක බලපත්‍රය රැකියා වීසා බලපත්‍රයක් බවට පත්කර රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා සිදුකරන ජාවාරම්කරුවන් පිරිසක් අත්ඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ එවැනි ක්‍රමවේදයක් නොමැති බවත් මෙවැනි වංචාකරුවන්ට හසුනොවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත්ය.

එසේම විදේශගතවීමට ප්‍රථමයෙන් තම රැකියා නියෝජිත ආයතනයේ විශ්වාසවන්තභාවය පිළිබඳව තහවුරු කරගැනීමක් සිදුකරගන්නා ලෙසද පොලීසිය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පොලීසිය විසින් නිකුත් කළ නිවේදනය පහතින්.

මේ අතර මිගමුව තුලද මෙම ජාවරම ක්‍රියාත්මක අතර විශේෂයෙන්ම ධිවරයන් වෙසෙන ප්‍රදේශවල තරුණ තරුණියන් පවා මෙම ජාවරමට දැනටමත් හසුව ඇතැයිද සැලය.