සංවර්ධනයේ නියමුවන් සහ මීගමුවේ පාලම්

0
73
DSC_0028new
මිනිසුන් බියගන්වන සිරිකුරුස පාලම /

මුන්නක්කරය සහ සිරිවර්ධන පෙදෙස යා කරන පාලම සිරිකුරුස පාලමයි.
අද වනවිට මෙම පාලම දෙපැත්තේ ඇති කොන්ක්‍රීට් කාණු  සහ වැට කැඩී  සමහර තැන්වල යකඩ කූරූ මතුවී ඇත. පාලම පටු සහ පළලට අනුව දිග  දිගින් වැඩි නිසා බැලූ බැල්මට බියක් උපදී. මේ සදහා තාවකාලික ආධාරකයක් ලෙස ප්‍රදේශවාසීන් විසින් දෙපැත්තේ ඇදි වල ලණු ගැට ගසා ආවරණය කර ඇත.   සිරිවර්ධන ප්‍රදේසේ  සිටින ජනතාව නිතරම තම දරුවන්  පිළිබදව අවධානයෙන්  පසුවේ.විශේෂයෙන් පාසල් යන දරුවන්ට  පාලම හරහා ගමන් කිරීමේදී අනතුරක් ඇතිවිය හැකි බව ඔවුන් පවසති.
මීට අවුරුදු 3කට පෙර  වයස 19ක පමණ තරුණයෙකු  මෙම පාලමෙන් වැටී  මිය ගොස් ඇත.
එසේම කිහිපදෙනෙකු මීට පෙරද වතුරට වැටී ඇති අතර  මෙම ස්ථානයේ  සැඩපහරද  ඉතා තද බවත් ගැඹුරු බවත් ප්‍රදේශයේ ධීවර ජනතාව පවසති.
ප්‍රදේශවාසීන්  පවසන්නේ  දේශපාලකයින්ටත්  වෙනත්  වගකිවයුතු  තැන්වලටත් දැනුම්දුන් ඔවුන්  පැමිණ පාලම බලා යනවා මිස නිසි වැඩපිළිවෙලක්  සකසා නැති නිසා  ඉදිරියේදී  ප්‍රදේශවාසී ජනතාව එකමුතුවී  යම් ක්‍රියාමාර්ගයකට යොමු විමට  මෙතෙක් කිසිම පියවරක් ගෙන නොමැති බවයි.

පාලම එක් පැත්තක් පුපුරා පහත් වී ඇති අයුරු

ඡායාරූප- සැම්සන් ඥානසිරි