සංවිධාන 100 ක් ”සමගි”යට හෙට අත්සන් තබති .

0
420

දස වැදෑරුම් වැඩ පිළිවෙළක් මත ගොඩ නගනු ලබන සම්මුතිවාදී මහජන ගිවිසුම හෙවත් සමගි බලවේගය අගෝස්තු 22 වන බ්‍රහස්පතින්දා සවස 2.00ට කොළඹ මහජන පුස්තකාලයේදී එළිදැක්වීමට නියමිතය. මේ සදහා විපක්ෂයේ දේශපාලන පක්ෂ, සිවිල් සමාජ සංවිධාන, වෘත්තීය සමිති සහ මාධ්‍ය සංවිධාන 100ක් එකතුවීමට නියමිත බව වාර්ථා වේsamagi 2
එක්සත් ජාතික පක්ෂය, නව සම සමාජ පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ මෙන්ම සෞඛ්‍ය සේවා ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය වැනි වෘත්තීය සමිතිද, ධීවර හා කාන්තා සංවිධානද මෙන්ම මාධ්‍ය ක්ෂේත්‍ර ශ්‍රි ලංකා ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය සමිතිය, ශ්‍රි ලංකා වෘත්තීය වෙබ් ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු මාධ්‍ය සංවිධානද මෙම ගිවිසුමට අත්සන් කිරීමට නියමිතය.