මෑත කාලයේ මීගමුව නගර පාලනය සදහා පැමිණි ආණ්ඩු පක්ෂ විපක්ෂ දේශපාලකයන් සියල්ල නියෝජනය කරන ලද්දේ නිසි අධ්‍යාපනික සුදුසුකමක් හෝ සමාජිය වශයෙන් උසස් තත්වයක් හෝ පවුලේ සමාජිය තත්වයන්ගෙන් බැලුවද අඩු තත්වයකට හිමිකම් කියන ලද තිරුවක අයවලුන් විසිනි.
මේ නිසාම මේ බොහොමයක් දෙනාට ඇත්තේ තමන්ගේ ජිවිත කාලය තුල සපුරාගැනිමට නොහැකි වු ඇරියස් තොගය හැකි ඉක්මනින් සපුරා ගැනිම වෙනුවෙන් කෙටි මං සේවිමේ සිහිනයකි.
විශේෂයෙන්ම මීගමුව තුල ලංසා පාලනයෙන් පසු ඇතිවු අළුත්ම වෙනස වුයේ කෙටි මං ඔස්සේ විශාල ධනස්කන්ධයක් සොයාගැනිම නිසා ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් බහුතරයක් මන්ත්‍රින් නිමල් ලංසා මහතා රජෙකු සේ සලකා ඔහු සරණයාමට පටන් ගැනිමයි.
මේ පසුබිම තුල මීගමුවේ පාලකයන් යුරෝපා ඇදුම් ඇන්දද සංස්කෘතිකමය වශයෙන් කිසිදු ඉදිරි දියුණුවක් සහිත අයවලුන් වුයේ නැත.
මේ පාලකයන්ට මිනිසුන්ගේ සංස්කෘතිත ජිවිතය ගැන ද කිසිදු හැගිමක් හෝ අදහසක් තිබුනේ නැත.
මේ නිසාම ඉතිහාසය පුරා පරම්පරා ගණනක් සිය විවේකය ගතකරන්නට යොදා ගත් ප්‍රකට මීගමුව වැල්ල කරවල වේලන්නටත් මාළු විකුණන්ටත් ඉඩසලසා දි මීගමුවේ සහ අවට ජනයාගේ සංස්කෘතික ජිවිතය බිළිගත්තේය.
එපමණක් නොව මීගමුව ඉතිහාසයේ එක්තරා වැදගත් තැනක් බදු වු මීගමුව පැරණි නගර ශාලාව හෙවත් මීපුර හෝල් එකක අබිලි ද්‍රව්‍ය සදහා කඩාගැනිමේ කොන්ත්‍රාත්තුව මීගමුවේ නගරාධිපතිවරයෙක් විසින්ම ටෙන්ඩර ගැනිමෙනුත් පෙනි යන්නේ මේ දේශපාලකයන්ගේ සංස්කෘතික ජිවිතයේ දිග පළලය.
මේ පිළබද තවත් එක් උදාහරණයක් පමණක් මතු කරන්නේ නම් රාජපක්ෂ උද්‍යානය මෙවන් පාලකයන්ට පෙනෙන්නේ තැන තැන කඩ දමා තමන්ගෙ ් හෙංචයින්ට ඥාාති මිත්රාදින්ට ඒ කඩ බදු ගැනිමට සැලසුම් කිරිමට විනා මීගමු ජනයාගේ සංස්කෘතික ජිවිතය සදහා දියුණු මං සලසා දිම නොවේ .
ඉතින් එවන් පාලකයන්ගේ පාක් සංකල්පය යනු වෙළදාම සදහා කඩ ඉදිකිරිම හැර අන් කවරක්ද?????