සජබ අර්බුදයක,ගම්පහ දිස්ත්‍රික්කයෙත් අවුල් ගොඩක්..

0
202

සජබ බරපතල දේශපාලන අර්බුදයක් කරා ගමන් කරමින් සිටින බව පෙනේ.ගම්පහ දිස්ත්‍රික්කයේ තුල මේ සතියේ මේ අවුල ඉතා පැහැදිලි ලෙසින් පෙනියන්නට විය.

මුල්ම සිදුවිම වුයේ ගම්පහ ආරම්භ කරන්නට සැලසුම් කර තිබුන සජබ කාර්යාලය පිලිබදව ගැටලුයි.

අජිත් මාන්නප්පෙරුට මේ ගැන කිසිවක් නොදන්වා  තවත් මන්ත්‍රීවරයෙක් විසින් මෙම කාර්යාලයට තැනක් සොයාගෙන තිබිම අවුලට මුල වි ඇතැයි සැලය.

කෙසේ වෙතත් මේ අර්බුදය දිග්ගැසෙන්නට නොදි කාර්යාලය විවෘත කිරිම සිදුනොකිරිමට  කටයුතු කර ඇතැයි වාර්තාවේ.

මේ අතර කටාන ආසනය වෙනුවෙන් කටුනායක 18 කණුව ඩවින්ද්‍ර මෙන්ඩිස් ක්‍රිඩාංගනයේදි පසුගියදා පැවැත්වු රැස්විමද ආසාර්ථක වු බව ⁣ප්‍රදේශයේ දේශපාලන ආරංචි මාර්ග දක්වා සිටි.

සෙනඟ සිතු තරමින් නොපැමිණිම මෙයට හේතුව වි තිබේ.

එකම සතියකදි ගම්පහ දිස්ත්‍රික්කයේ ⁣සිය අසාර්ථකත්වය පෙන්නුම් කරනු ලැබු සිදුවිම් දෙකක් ගැන සජිත් ප්‍රේමදාස දැඩි නොසතුටකින් සිටි බවද සැලය.

ඇතැමුන්ට දෙස් තෑබු බවද සදහන්ය.