සජබ කාන්තා නායිකාවට වසර තුනක සිරදඬුවමක් !

0
4

සජිත් ප්‍රේමදාසගේ සමගි ජනබලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අධිකරණ විසින් චෝදනා ගනනාවකට වැරදිකාරිය කරමින් බරපතළ වැඩ ඇතුව වසර තුනක දඩුවමක් ලබා දීමෙන් බන්ධනාගාර ගතකර ඇත.
ඇයව මෙලෙස වැරදිකාරියක් ලෙස නම් කර ඇත්තේ තරුණයෙකු බලහත්කාරයෙන් රැගෙන ගොස් පහරදෙමින් රඳවා තබා ගැනීම මෙහෙයවීමේ වරදකටය.


එසේනම්, එම වරදේ මහා මොළකාරිය හිරුණිකා ප්‍රේමචන්ද්‍රය.
මේ තීරණයට එරෙහිව අභියාචනා අධිකරණයට යන බවට සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර කිසියම් ප්‍රකාශයක් කර තිබෙනවා අපි දුටුවෙමු.


එසේ නම් දැන් මේ වැරදිකාරිය වී ඇත්තේ සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගයේ දේශපාලන වේදිකාවේ ප්‍රධාන කථිකාවක් සේම සමගි ජන බලවේගය කාන්තා සංවිධානයේ නායිකාවකි.

සමගි ජන බලවේගයේ දේශපාලනයේ ඇති ප්‍රචණ්ඩත්වය මෙයින් හොඳාකාර පැහැදිලි වන අතර ඒ බව අධිකරණය විසින්ද තහවුරුකර ඇත.
කෙසේ වෙතත් ඇය මේ නීති විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාව කර ඇත්තේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුතුව පැවැති යහපාලන ආණ්ඩුව සමයේදීය.


එවැනි ප්‍රචණ්ඩ පැහැර ගැනීමක් කිරීමට ඇයට ශක්තිය ලැබුණේ රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයෙනි.
මේ රටේ බොහෝ අය කතා කරන්නේ අතීතයේ දේශපාලන ප්‍රචණ්ඩත්වයන් ගැනය.
එහෙත් වර්තමානයේ දේශපාලන ප්‍රචණ්ඩත්වයේ ඉදිරියෙන්ම සිටින්නේ පොහොට්ටුව සමග එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය බව දැන් ඉතා පැහැදිලිය.


අනිත් අතට සමගි ජන බලවේගයේ කාන්තා සංවිධානයේ නායිකාවක් ලෙස කටයුතු කරන හිරුණිකා ප්‍රේමචන්ද්‍රට දුන් මේ අධිකරණයම තීන්දුව සමඟ සජිත් ප්‍රේමදාසගේ කාන්තා සංවිධානයේ පැතිකිරිය ගැනද ජනතාවට අවබෝධයක් ලැබෙනු ඇත.

කුඩා දරුවන් සිටින කාන්තාවක් අධිකරණයේ තීන්දුවකින් බන්ධනාගාර ගත කරන ලද ප්‍රථම අවස්ථාව මෙය නොවේ. කෙසේ වෙතත් හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ කුඩා දරුවන් තිදෙනාට මවගේ ඇසුර නැතුව ගත කරන්නට සිදුවන වසර තුනක කාලය පිළිබඳව කෙනෙකු කණගාටුවට පත්වෙනු ඇත. එහෙත් ඔවුන් බලාගන්නට හිරුණිකාට තම මෑණියන් හෝ ඇත. එසේ නොමැතිව අම්මා බන්ධනාගාර ගත වූ විට මුළු ජීවිතයම අසරණ අනාථ තත්ත්වයට පත්වූ දරුවන් ගැන අප බොහෝ කතන්දර අසා ඇත.

“දෙමව්පියන් ඇඹුල් කෑ විට දත් හිරි වැටෙන්නේ දරුවන්ගේ බව” දේශපාලනය සහ පවුල් ජීවිතය ගත කරන කවුරුත් වටහා ගන්නේ නම් හොඳය.

අරුණ ශාන්ත නෝනිස්